
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී අපේ ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණාත්මක කාර්යයක් නමුත් මේ වන විට ඉදිරිය ගැන මෛත්‍රිපාල සිරිසේන හා පිරිස තුළ ඇත්තේ කුකුසකි.
ජනාධිපති සහ හිටපු ජනාධිපති අතර සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති අතර අගමැති සහ හිටපු ජනාධිපති අතර හමුව අරලියගහ මන්දිරයේදී පවත්වා තිබේ.
හිටපු ජනාධිපති මෛත්‍රී සහ අගමැති මහින්ද අතර හමුව සුවිශේෂී හමුවකි. ඒ මීට පෙර අරලියගහ මන්දිරයේදී ඔවුන් දෙදෙනා අතර අවසන් වරට පැවති සාකච්ඡාව ඉතා සුවිශේෂී සහ තීරණාත්මක සාකච්ඡාවක් වීම නිසාය. ඒ 2014 වසරේ නොවැම්බරයේදීය. එම සාකච්ඡාවෙන් පසුව එවකට ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ මෛත්‍රී තමන් සමග ආප්ප කා ගොස් තමන්ට එරෙහිව විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බවයි.
විචාර ගෙන් පවතින්නේ මේ වන විට සිරිසේන මහතා ඉතා අසීරු තත්වයකට පත්ව සිටින බවයි. පොහොට්ටුවට අවශ්‍ය ආකාරයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැසිරෙනවා විනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙසෙසින් පොහොට්ටුව සමඟ කටයුතු කළ නොහැකි බව මේ වන විට පැහැදිළි ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
එදා දේශපාලනඥයන් මෛත්‍රීපාල සිරිසේන මහතා චෝදනා කළේ එකට ආප්ප කා සිය නායකයා සහ පක්ෂය පාවා දුන් බව කියමිනි වර්තමානයේ දී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් කියාසිටින්නේ සිරිසේන මහතා දේශපාලන හන්දියකදි අතරමං කළ බවයි. ලංකා නිදහස් පක්ෂ දේශපාලඥයින් හට මෙවර නාමයෝජනා ලබා ගැනීම දුෂ්කර වනු ඇත.
එදා ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ආප්පා කෑ මහින්ද සහ මෛත්‍රී අද අරලියගහ මන්දිරයේදී හමු වී ඇත්තේ හිටපු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ලෙසයි. එදා එකම පක්ෂයේ සභාපතිවරයා සහ මහ ලේකම්වරයා ලෙස සිටි ඔවුන් දෙදෙනා අද දේශපාලන පක්ෂ දෙකක සභාපතිවරුන් ලෙස කටයුතු කරයි.
එසේම එදා තමන් පක්ෂය හැර නොයන බව දිවුරා පවසමින් ආප්ප කා ප්‍රතිවාදීන් ලෙස ජනාධිපතිවරණයට පැමිණි මෛත්‍රී සහ මහින්ද අද එකම දේශපාලන කඳවුරකින් මහ මැතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳව සාකච්ඡා පවත්වයි.
මේ සාකච්ඡා සැකමුසු බැවින් මැනවින් තෙම්පරාදු වී ඇති බොහෝ දෙනා පවසති. එහෙත් වාසනාවකට මෙන් එක්සත් ජාතික පක්ෂයද සීසී කඩය. තවත් කීප දෙනෙක්ම මාංචු අබියසය.