ආයතන 152කට හෙට පොහොට්‌ටුවේ පුංචි මන්ත්‍රීලා දිවුරුම් දෙති

mahinda-rajapaksa-aශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි වූ පළාත් පාලන ආයතන එකසිය පනස්‌දෙකක (152) සභාපතිවරු සහ මන්ත්‍රීවරු හෙට (20 වැනිදා) හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ සිය ධුරවල දිවුරුම් දෙති. දිවුරුම් දීමේ උත්සවය නාරාහේන්පිට අභයාරාමයේදී පැවැත්වෙනු ඇත.

නව දේශපාලන සන්ධානයක්‌ ලෙසින් ඉකුත් පෙබරවාරි මස 10 වැනිදා පැවති පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන ආයතන 232 ක්‌ ජයග්‍රහණය කළ අතර ඉන් පළාත් පාලන ආයතන 152 ක තනිව බලය පිහිටුවිය හැකි අන්දමට එම පක්‍ෂයට ජය අත්විය.

අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ පළාත් පාලන ආයතන ජයග්‍රහණය කළ පක්‍ෂ නියෝජිතයන්ගෙන් මෙම දිවුරුම් දීමේ උත්සවය ආරම්භ වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තනිවම බලය පිහිටුවිය නොහැකි එහෙත් ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනවල ඉදිරියේදී බලය පිහිටුවීම සඳහා අදාළ සාකච්ඡා මේ වන විටත් ආරම්භ වී ඇතැයිදඑම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.