ආර්ථිකයම අක්‍රීය වී ඇත

mahinda rajapaksa

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ රජයේ හදිසි වියදම් සඳහා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන අතර වාරයේ ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් 2019 නොවැම්බර් 20 දක්වා රට පාලනය කළ ආණ්ඩුවේ අදූරදර්ශී සහ අකාර්යක්ෂම මූල්‍ය කළමනාකරණය නිසා මුලු ආර්ථිකයම අක්‍රීය වී ඇතැයි රජය කියා සිටී.

මේ නිවේදනයෙන් හෙළිවන කරුණු පහක්

* අඩාලවීම:කෘෂිකර්මය, නිදහස් සෞඛ්යර සේවය, ඉදිකිරීම් කර්මාන්තය, ආහාර ද්‍රව්‍ය සැපයීම, තේ කර්මාන්තය, සහල් නිෂ්පාදනය වැනි ප්‍රධාන අංශ ගණනාවක් අඩාලවීමට බලපා තිබේ. මෙයින් පෙනී යන්නේ ආර්ථික අර්බුදය රටේ ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක් ම අඩපණ කොට ඇති බවයි. මේ තත්ත්වය යටතේ සුභ සාධක සේවාවන්වල කප්පාදුවක් ඇතිවිය හැකියි.

ගෙවීම් නොකර තිබීම- ආර්ථිකය අක්‍රීය වීමට මූලික හේතුව සේවාවන් සඳහා කළයුතු ගෙවීම් නොකර තිබීමය. කලින් පැවති රජය 2019 සඳහා අනුමත කළ අය වැය ඇස්තමේන්තු ප්‍රතිපාදන සියල්ලම පාහේ පසුගිය නොවැම්බර් වන විට වියදම් කර තිබිණ. මේ ගෙවීම් වහාම සිදු නොකළහොත් රාජය සේවා සැපයීම පිළිබඳව විශ්වාසය පළුදු විය හැකිය.

වියදම් පියවීම – නොවැම්බර්, දෙසැම්බර් මාසවල රජය කළ වියදම් පියවීමට භාණ්ඩාගාරයට නොහැකි විය. 2019 වසරට අනුමත රජයේ ආදායම රුපියල් බිලියන 2400කි. එහෙත් දෙසැම්බර් වන විටත් ලැබී තිබූ මුදල රුපියල් බිලියන 1800 ඉක්ම වූයේ නැත. මේ වියදම් පියවා ගැනීම සඳහා දැන් කුමක් කළ හැකිද යන්න පිළිබඳව යෝජනා ඉදිරිපත් විය යුතු ඇත.
.

ජනාධිපතිවරයාගේ අවධානය- 2019 නොවැම්බර් 16 පැවති ජනාධිපතිවරණයේ වියදමෙන් නොපියවූ මුදල රුපියල් මිලියන 1188කි. රෝහල්වල ඖෂධ හා සැපයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙවිය යුතු මුදලින් රුපියල් මිලියන 25,696ක් ගෙවා නැත. මේ තත්ත්වය ඇති වූයේ කෙසේදැයි හොයා බැලීම සඳහා ජනාධිපතිවරයාගේ අවධානය යොමුවිය යුතු බව අග්‍රාමාත්‍යවරයා පවසයි. එහෙම අභ්‍යාසය ක්‍රමවත්ව කිරීම රටේ ඉදිරි පැවැත්මට උපකාර විය හැකිය.

බැංකුවලට ගෙවීම- ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා පොලී සහනාධාරය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය බැංකුවලට ගෙවීමට ඇති මුදල රුපියල් මිලියන 45,856ක් වේ. පොහොර සහනාධාරය උදෙසා සැපයුම්කරුවන්ට රුපියල් මිලියන 23,950ක් ගෙවීමට තිබේ.

මහාමාර්ග ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නොගෙවූ මුදල රුපියල් මිලියන 18,449කි. ගම්පෙරළිය, උතුරු පළාත් සංවර්ධන හා නැවත පදිංචි කිරීමේ වැඩසටහන් සඳහා ගෙවිය යුතු මුදල රුපියල් මිලියන 3,126ක් වේ. වාරිමාර්ග සහ ග්‍රාමීය ව්‍යාපෘති වෙනුවෙන් ගෙවිය යුතු මුදලින් නොපියවූ ප්‍රමාණය රුපියල් මිලියන 6,558 කි. මේ ගෙවීමට ඇති හිඟ මුදල් ශීර්ෂවලින් සමහරක් පමණි. කොන්ත්‍රාත් ක්‍රමයට රට පාලනය කිරීම භයානක ප්‍රතිඵල ගෙන දෙන බව මෙයින් පෙනෙන්නට තිබේ. පාලකයින් තමන්ගේ ධුර කාලය ගැන පමණක් සිතීම නිසා බොහෝදෙනාට ප්‍රශ්න ඇතිවේ.
පොරොන්දු ඉටුකිරීමට

මේ සියලු බිඳවැටීම් හමුවේ පොරොන්දු ඉටුකිරීමට රජය සූදානමින් සිටින බව නිවේදනය සඳහන් වේ.

. අය වැය හිගය 2025 වන විට 4% දක්වාත්, දැන් 80% ක් වන රාජ්‍ය ණය 70% දක්වාත් අඩු කිරීමට සැලසුම් කර ඇත.

රැකියා විරහිත උපාධිධාරීන් සේවා නියුක්ත කිරීම, වතු කම්කරුවනට රුපියල් දහසක දෛනික වැටුපක් ගෙවීම මාර්තු 01වනදා ආරම්භ කිරීම,අඩු ආදායම්ලාභීන්ට අත්‍යාවශ්‍ය භාණ්ඩ 10ක් සහනදායී ලෙස ලබාදීම,

. ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වා ගෙන යෑම,වී කිලෝවකට රුපියල් 50ක අවම මිලක් නියම කිරීම ඒ අතර වේ.

පොදුවේ ගත් කල රටේ සංවර්ධන වැඩකටයුතු රාශියක් කල් දැමීමට තුඩුදෙන වාතාවරණයක් ඇතිවිය හැකිය.

පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඒ අභියෝග ජයගැනීමට එක්වීම ඒ මොහොතේ කාර්යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.