ආර්ථික ආක්‍රමණය කරන කොරෝනා වෛරසය

closed

මේ වන විට ලෝකයේ රටවල් 26කට කොරෝනා වෛරසය පැතිරී ඇති අතර ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ආසාදනය වී සිටී.

බොරදියේ මාළු බාන්නා සේ ඇමරිකානු වෙළඳ ඇමති විල්බර් රෝස් පැවසුවේ අඩපන වන චීන ආර්ථිකය හේතුවෙන් තමන්ට වැඩියෙන් රැකියා ඇති කළ හැකි බවයි.

මේ වන විට ගුවන් ගමන් වාර 200000 ට වැඩි ප්‍රමාණයක් අවලංගු කොට ඇති අතර මේ නිසා ගුවන් ගමන් කර්මාන්තය දැඩි පීඩනයකට ලක් වෙමින් පවතී.

ගෝලීය ආර්ථික වර්ධන වේගය 0.1 කින් පමණ අඩුවෙන අතර චීනය ජපානය සහ දකුණු කොරියාවේ කර්මාන්තශාලා රැසක් මේ වනවිට වසා දමා ඇත.

ආසියාතික කොටස් වෙළඳපල කරුණු අවපාතයක් පෙන්නුම් කරන අතර ලොව පුරා කොටස් වෙළඳපල මිල 27% කින් පහළ වැටී ඇත.

ඉතාලිය තමන්ගේ ශාලා වසා දැමූ අලූත්ම රටයි. තෙල් මිල 2% කින් පමණ පහළ වැටී තෙල් බැරලයක් ඩොලර් 56.94 දක්වා පහළ වැටී ඇත. මෙයින් යම් වාසියක් ලබා ගැනීමට හැකි වුවත් නිෂ්පාදනය පහළ වැටීම හා ලෝකයේ විශාලතම ආර්ථිකය වන චීනයෙන් භාණ්ඩ ලබා ගත නොහැකි වීම නිසා ඇතිවන අවශ්‍ය හේතුවෙන් දිගුකාලීන ගැටලු ඇති විය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.