
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් නික්ම යන්නේ ඔවුන්ගේ වෘත්තීය සමිති ව්‍යාපාරය බලය තවදුරටත් හීන වෙමින් පවතින අවස්ථාවක ය.
සෞම්‍යමූර්ති තොණ්ඩමන් නායකත්වය දැරූ සමයේ ඔහු කොතරම් බලවතෙක් වුණාද යන්න කියතොත් ඔහු හඳුන්වනු ලැබුවේ රජුන් තනන්නා වශයෙනි එහෙත් පසුකාලීනව වතුකරයේ නව වෘත්තිය සමිති ඇසීමත් සමගම තොන්ඩමන් ලාගේ බලය පටන් ගත්තේය.
අරුගම් තොණ්ඩමන්ගේ දේශපාලන ජීවිතය තුළ පීඩිත වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉටු කළ කාර්යභාරය කුමක්ද යන්න පිළිබඳව
ප්රශ්නය ප්‍රශ්නාර්ථයක් සේ නැගෙනු ඇත.
තොණ්ඩමන් පරපුර දිගටම පවත්වාගෙන යෑම ලංකා වතු කම්කරු කොංග්‍රසයේ සිහිනේ බව පෙනෙන්නට තිබේ. දැන් ඔහුගේ පුතාගේ නම නායකත්වය සඳහා යෝජනා වී තිබේ.
අභාවප්‍රාප්ත ආරුමුගන් තොණ්ඩමන් මහතා වෙනුවට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඉදිරි මහ මැතිවරණය සඳහා තරග කිරීමට ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන් මහතාට අවස්ථාව ලබා දෙන ලෙස ලංකා කම්කරු කොංග්‍රසය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.