ආසාදිතයින් ගණන 120ක් දක්වා ඉහළ

Corona Hospital Staff

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 120ක් දක්වා ඉහළ ගොස් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

දෙවෙනි රැල්ලකට ඉඩ ඇත

කොරෝනා වෛරස් තත්වය පාලනය කිරීම සඳහා එළඹෙන අප්‍රේල් 28 වනදා දක්වාම ඇඳිරි නීතිය පැනවීමට හෝ ජනතාවගේ ගමන් බිමන් දැඩි ලෙස නවත්වා දැමීම සිදු කළ යුතු බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අවධාරණය කරයි.

“අපි මේ ඉන්නෙ සංක්‍රාන්ති සමයක. අපි දැනගන්න ඕනෙ මේක එන්නෙ රැළි හැටියට. මේ එක රැල්ලක් ආවා පිටරටින් එන රැල්ල. ඒ රැල්ල අඩු වේගෙන යනකොට අපේ රට ඇතුළෙ රැල්ල එනවා.

ඊට පස්සෙ අපි රට නැවත වරක් නිදහස් කරලා, අපේ රටේ රැකියාවල් එහෙම නැවත පටන් අරගෙන පිටරටින් ආයෙ මිනිස්සු එන්න ගත්තාම තව රැල්ලක් එනවා.

ඇඳිරි නීතිය ගැන ප්‍රාදේශීය තීරණ තීරණය එපා

ලැබෙන සියලු දත්ත විශ්ලේෂණය කර ඇඳිරි නීතිය පැනවීම, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ප්‍රදේශ තෝරාගැනීම සහ හුදෙකලා ප්‍රදේශ නම් කිරීම පිළිබඳ තීරණ ගනු ලබන්නේ රජයේ ඉහළම මට්ටමින් පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

ඒ අනුව ජන ජීවිතය අපහසුවට පත් කරන කුමන හෝ තීරණයක් ප්‍රාදේශීය මට්ටමින් නොගත යුතු බවයි ඔවුන් දැනුම් දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.