ඇමති ජෝන් ජනාධිපති විහිළුව සනාථ කරයි

john seneviratne‘ජනාධිපතිතුමා කැබිනට් රැස්වීමෙදි බොහොම සැහැල්ලූවෙන් කියපු කථාවක් දුරදිග ගිහින්. මේ වර්ජන රැල්ල ගැන කථා කරද්දි එතුමා විහිළුවට අහල තියෙන්නේ සරත් ෆොන්සේකා මහත්තයාට බැරිද මේ වැඩේ පාලනය කරන්න කියලා. එහෙම කරන්න ජනාධිපතිතුමා හීනෙන් වත් හිතල නැහැ.’’ යැයි කම්කරු සහ වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව් ඞී. ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.

“මම කැබිනට් රැස්වීමට ගියේ නැහැ. මේ ගැන මාධ්‍යවලින් දැනගත්තම මම ජනාධිපතිතුමා හමුවුණා. එය තමා විහිළුවට කී කතාවක් බවත් කිසිසේත්ම එවැනි දෙයක් කරන්නට නොසිතු බවත් ජනාධීපතිතුමා කිව්වා.’’ යැයි ද සෙනෙවිරත්න මහතා කීය. සෙනෙවිරත්න මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී අද (28) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.