
ඇමෙරිකානු හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඉරාන හමුදා ප්‍රධානී Qasem Soleimani, ජීවිතක්ෂයට පත්වීම පිළිබඳව ඉරානය දැඩි ප්‍රතිචාරයක් පළ කොට ඇත. මෙම පහර සිදුව ඇත්තේ ඉරාකයේදී ය. Qasem Soleimani, ඉරානය තුල ඉතා ජනප්‍රිය හමුදා ප්‍රධානියෙක් විය. ඉරාක ගුවන් තොටුපළකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගිය නියෝගයක් පරිදි කළ ප්‍රහාරයකදී ඉරාන හමුදා ප්‍රධානියා මරණයට පත්විය.
ඉරාකය හා සිරියාව තුළ ඉරානයට පක්ෂපාතී ආයුධ සන්නද්ධ කණ්ඩායම් දිගින් දිගටම වර්ධනය වෙමින් පවතින අතර වාරයේ ඉරානය හා ඇමරිකාව අතර දැඩි රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් හට ගනිමින් පවතී.
ඉරානයේ ආගමික නායකයා වන අයතුල්ලා කොමේනි පැවසුවේ තමන් මේ ප්‍රහාරය ඉතා බැරෑරුම් ලෙස සලකන බවත් ඒ ඒ පිළිබඳව දැඩිව පළිගැනීමට හිරේ කොට ඇති බවත්ය.
ඉරානයේ හමුදා ශක්තිය
මැදපෙරදිග හෙවත් බටහිර ආසියාවේ ප්‍රබල හමුදා බලයක් ලෙස ඉරානය සැලකිය හැකිය. සක්‍රිය සේවයේ සිටින සන්නද්ධ හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 534,000ක් වේ. එරට යුධ, ගුවන්, සහ නාවික යන ත්‍රිවිධ හමුදාව මෙන්ම ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක හමුදාව (Islamic Revolutionary Guard) එහි කොටස්ය.
ග්ලෝබල් ෆයර් පවර් යනු ලෝකයේ යුධ ශක්තීන් පෙළගස්වන පිළිගත් වෙබ් අඩවියක්. ඔවුන් එක් එක් රටවල හමුදා ශක්තිය මැනීමේ දී න්‍යෂ්ටික නොවන අවිවල ශක්තිය, පිරිස් බලය, මූල්‍ය ශක්තිය, සහ භූගෝලීය පිහිටීම යනාදී කරුණු රාශියක් සලකනවා. එම වෙබ් අඩවියට අනුව ඉරානය වර්තමානයේ දී හමුදාමය ශක්තිය අතින් ලොව 13 වන ස්ථානයේ සිටිනවා. ඒ සලකන ලද රටවල් 136 ක් අතුරින්