ඇවන්ගාඩ් සේනාධිපති පළිගැනීමකට ලක් උනාද?

nissanka senadhipathi

ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් පුද්ගලික සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ලබන 26 වනදා පෙරවරු 10.00 ට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දී ඇති බව එහි ප්‍රකාශකයෙකු සදහන් කළේය.

ඇවන්ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරාගැනීම හේතුවෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් නිශ්ශංක සේනාධිපති මහතා විසින් සිදුකළ පැමිණිල්ලට අදාලව ප්‍රකාශ ලබා ගැනීම සදහා මෙම කැදවීම සිදුකර තිබේ.

මීට අමතරව හිටපු අමාත්‍යාංශ ලේකම් වික්ටර් සමරවීර සහ ජාතික පොලිස් කොමිසමේ හිටපු වැඩබලන ලේකම් සමන් දිසානායක යන මහත්වරුන් සිදුකළ පැමිණිලි පිළිබඳ සාක්ෂි විමසීම ලබන 26 වනදා සිට ආරම්භ කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.