ඉතාලියේ දී ශ්‍රී ලාංකිකයෙකු මියගිහින්?

dead

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පළමුවරට ශ්‍රී ලාංකිකයෙකු මරණයට පත්වී තිබේ. මෙසේ මරණයට පත්ව ඇත්තේ ඉතාලියේ සිසිලි දූපතේ මෙලිසා ප්‍රදේශයේ විසූ ලාංකිකයෙකි. 70 හැවිරිදි ඔහු එම වෛරසයට ගොදුරුව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

කෙසේ නමුත් මේ බව ඉතාලියේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය නිල වශයෙන් තහවුරු කර නැත. මේ පුවත සනාථ කර ගැනීමට උත්සාහ කරමින් සිටිමු.

යාපනයේ තාවඩි ගම්මානයේ ජනතාවට පිටවීම තහනම්

යාපනය, උඩුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ තාවඩි ගම්මානයේ ජනතාවට නැවත දැනුම් දෙනතුරු එම ගම්මානයෙන් පිටතටයාම හෝ නිවාසවලින් පිටතටයාම තහනම් කර ඇතැයි යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

යාපනයෙන් හමුවූ ප්‍රථම කොරෝනා වයිරසය ආසාදිත රෝගියා හමුවීමත් , පසුගියදා ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි දේවගැතිවරයා විසින් පැවැත්වූ දේවමෙහෙයට විශාල ප්‍රමාණයක් මෙම ගම්මානයෙන් සහභාගීවී සිටිම හේතුවෙන් මෙලෙස තාවඩි ගම්මානයේ ජනතාවට පිටවීම තහනම්කළ බවද සඳහන් කළේය.

රෝගීන් සංඛ්‍යාව 102 දක්වා ඉහළ

මෙරටින් වාර්තාවන කොවිඩි නයිටීන් රෝගීන් සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගොස් තිබේ. වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ඊයේ(24) දිනය තුළ පමණක් කොරෝනා වෛරස අසාධිතයින් 05දෙනෙකු වාර්තා වන බවයි.

මේ වන විට කොරෝනා වෛරසය බවට සැකපිට පුද්ගලයින් 229 දෙනෙකු මෙරට රෝහල් 19ක ප්‍රතිකාර ලබමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.