ඉදිරි දින 10 තීරණාත්මකයි

coronavirus

ගතවෙන ඉදිරි දින 10 කොරෝනා වෛරස් ආසාදනය සම්බන්ධයෙන් තීරණාත්මක බව බලධාරීහු පවසති මේ වන විට පුද්ගලයින් විසි තුන් දහසක් පමණ නිරෝධායනය ට ලක්ව ඇත.

ඔවුන්ට රෝග ලක්ෂණ මතුවීම සඳහා අප්‍රේල් 10 වැනිදා දක්වා කල් ඇත. සාන්ත තෝමස් – රාජකීය ක්‍රිකට් තරඟය, යාපනයේ අරියාලේ පැවැති දේව මෙහෙය. සහ කොළඹ රතු පල්ලිය මුස්ලිම් දේවස්ථානයේ අවස්ථා දෙකකදී පැවති ආගමික වතාවත් වලට එක් වූ පුද්ගලයින් අතරේ කොරෝනා වෛරස් ආසාධිතයන් සිටිහෙයින් ඔවුන් නිරෝධායනය ට ලක් කොට ඇත.

අප්‍රේල් මාසයේ තුන්වෙනි දා දක්වා මොවුන්ට කොරෝනා වෛරස් ආසාදන රෝග ලක්ෂණ මතු වීමට ඉඩ ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශක වෛද්‍ය හරිත අලුත්ගේ පැවසූයේ හමුවෙන එක් වෛරස ආසාදිත රෝගියෙක් සඳහා තවත් රෝගීන් අටදෙනෙක් සිටිය හැකි බවයි.

ඊයේ දවස තුළ එකම කොරෝනා වෛරස් ආසාදිත රෝගියෙක් අලුතෙන් වාර්තා වී නැති බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි පැවසුවාය.

සුළු වැරදි සඳහා දඬුවම් ලෙස හා ඇප කොන්දේසි සම්පූර්ණ කළ නොහැකිව දැනට බන්ධනාගාරගතව සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සොයා බලන්නැයි නීති විශාරදයන්ට හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.