
තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඉර්ෆාන් පතාන් (ඉෆාන් ඛාන් පතාන්) ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ) නිවේදනය කළේ මෙතෙක් රැකි රහසක් ද හෙළිදරව් කරමින්.
දිල්ලියේ ඇති ටෙස්ට් ක්‍රීඩා තරගයකදී කුමාර් සංගක්කාර හා ඇතිවූ වාග් ප්රහාරයක දී ඔහුගේ බිරිඳ වූ යෙහාලි පිළිබඳව අපහාසාත්මක ලෙස කතා කළ බව ඔහු කියා සිටියේය.’
” ඒ තරඟයේ දී මම ලකුණු අනු තුනක් විතර ලබාගෙන හිටියා . සංගක්කාර දැන ගෙන හිටියා තරඟය තමන්ගෙන් අහිමි වීගෙන යන බව. ඔහුට ඕන ඕන මාව කේන්ති ගන්න. මගේ අම්මා තාත්තා ගැන කිව්වා. මම කිව්වා ඔහුගේ බිරිඳ ගැන”
මේ මඩ ගසා ගැනීම ගැන මීට පෙර වාර්තා වී තිබුනද සැබවින්ම සිදු වූ දේ හෙළිදරව් වුණේ දැන්.
විශිෂ්ට වාර්තාවක්
2006 වසරේ පැවැති ඉන්දීය – පාකිස්තාන තරගාවලිය තුළ ඔහු පළමු පන්දු වාරයේදීම කඩුලු ත්‍රිත්ත්වයක් (hat-trick) දවා ගැනීමට සමත් විය. 2007 වසරේ දකුණු අප්‍රිකාවේදී පැවැති පළමු විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේදී පාකිස්තානයට එරෙහිව ඔහු සිය පන්දුවාර 04 තුළදී ලකුණු 16කට කඩුලු 03ක් දවා ගැනීමට සමත් විය.
වෙන්දේසි නොවුණු ක්‍රීඩකයෙක්
ඉන්දීය ප්‍රිමියර් ලීගය (අයි.පී.එල්.) ක්‍රීඩා කර ඇති පතාන්, තුළ චෙන්නායි සුපර් කින්ස්, දිල්ලි ඩෙයාඩෙවිල්ස්, කිංග්ස්ලෙවන් පංජාබි, රයිසිං පූනේ සුපර්ංයන්ටි හා සන්රයිසර් හයිද්‍රාබාද් යන කන්ඩායම් නියෝජනය කර ඇත. දස වසරකට ආසන්න පතාන්ගේ අයි.පී.එල්. දිවියේ තරග 103කට ක්‍රීඩාකර කඩුලු 80ක් හා ලකුණු 139ක් රැස්කිරිමට සමත් විය. කෙසේ නමුත් 35 හැවිරිදි පතාන්ට 2016 වසරෙන් පසු අයි.පී.එල්. ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබුණු අතර, 2017 ක්‍රීඩක වෙන්දේසියේදීද ඔහු අලෙවි නොවුණි.