ඉන්ධන මිළ ඉහළට?

ඉන්ධන මිළ ඉහළට යන පෙරනිමිති දැක ගන්නට තිබේ. ඉන්ධන මත පනවා තිබෙන බදු ඉවත් කිරීම භාණ්ඩාගාරය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමත් සමඟ මේ තත්වය ඇතිවී තිබේ.

ලෝක වෙළෙඳ පොළ මිල ගණන් වැඩිවී තිබියදීත් පාඩුවට ඉන්ධන නිකුත් කරමින් සිටින බව මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

පාඩු ලබන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා ඉන්ධන මත පනවා තිබෙන බදු ඉවත් කරන්නැයි ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශ පසුගිය සතියේදී කරන ලද ඉල්ලීමක් භාණ්ඩාගාරය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිණි.

“ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 40ක් වී තිබෙන අවස්ථාවක ඉන්ධන මිල ගණන් ස්ථාවර මිලකට ගණනය කරනු ලැබුවා. එහෙත් අද තෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් මිලියන 69ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා” යැයි ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා කීවේය. ප්‍රෙටල්, ඩීසල් සහ භූමිතෙල් සහනදායී මිලකට අලෙවි කිරීම නිසා මේ වසරේ ජනවාරි සිට පෙබරවාරි දක්වා කාලයේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සම්පූර්ණ පාඩුව රුපියල් බිලියන 9.8කි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.