
තුන් දිනක් තිස්සේ ප්‍රකාශයට පත් කර ඇති ශෝක කාලය තුළ ඉරානයේ ඝාතනයට ලක් වූ ජනරාල් ක්වාසම් සොලෙයිමනීගේ අවමංගල්‍ය කටයුතු සඳහා ඇදී ආ මිලියන ගණන් පිරිස අතරින් අද දින අවම වශයෙන් 40 දෙනෙක් මරුමුවට පත්ව තිබේ.
එම මරණ වලට හේතු වී තිබෙන්නේ අවමංගල්‍ය පෙරහැරේ හටගත් අධික තදබදයයි. ටෙහෙරාන් නුවර ඊයේ දිනවන තෙක් තබාගත් ජනරාල් සොලෙයිමනීගේ දේහය, අද දිනයේ ඔහු හැදී වැඩුණු කර්මන් නගරයට ගෙන ආ අවස්ථාවේදී මෙය සිදුවිය. 200 කට අධික සංඛ්‍යාවක් පෑගීම හේතුවෙන් තුවාළ ලබා සිටිති. ඉරාන විදේශ ඇමතිවරයා පැවසුවේ තමන් නියත ලෙසම මේ ප්‍රහාර වලට ප්‍රතිචාර දක්වන බවයි.
ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය
ඉරානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු ඝාතනය වීමත් සමඟ, මැද පෙරදිග කලාපයේ වර්ධනය වෙමින් පවතින නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
මෙම අවස්ථාවේ දී උපරිම සංයමයකින් යුතුව කටයුතු කරන ලෙස අමාත්‍යංශයේ කළ නිවේදනයෙන් දන්වා ඇත. කලාපයේ ස්ථායීතාවයට එල්ල වී ඇති මෙම තර්ජනය අවම කිරීම සඳහා ඵලදායී සංවාදයක් තුළින් සාමය හා සුරක්ෂිතභාවය පවත්වා ගෙන යන ලෙස ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවද විදේශ සබඳතා අමාත්‍යාංශය දන්වා තිබේ.