ඉස්ලාම් අන්තවාදීන් ගේ ප්‍රචන්ඩ ක්‍රියා ගැන කියන ෆාතිමා

fathima

අන්තවාදයන් කොයි එකත් පීඩා දායකය. බණ්ඩාරගම ෆාතිමා කියා සිටින්නේ ඉස්ලාම් අන්තවාදය හේතුවෙන් මුස්ලිම් කාන්තාවක් වූ තමන් පීඩාවට ලක් වූ බවය. බොදුබලසේනා සෙවණේ හිඳිමින් පාතිමා කියා සිටියේ සිංහල පුද්ගලයෙක් බැඳ ගැනීමේ හේතුව නිසා පල්ලිය තමන්ට පීඩා කළ බවත් එහිදී පොලීසිය ක්‍රියාකාරී නොවූ බවත්ය. දැන් පොලීසිය මේ ගැන විමර්ශනය කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටින්නේ.

බොදුබල සේනා සංවිධානයේ මාධ්‍ය හමුවකට පැමිණි අබ්දුල් හසන් ෆාතිමා 2008 විවාහ වු බවත්, සුනාමියට ලැබුණු ගෙවල්වල ජීවත් වු බවත්, එම කාලයේ දී පල්ලියේ අය ඇවිත් සිංහල මිනිහෙක් බැඳලා ඉන්නේ කියලා මහත්තයාට තර්ජනය කල බව ද ඇය වැඩිදුරටත් මෙහිදී පැවසුවාය. සැමියා හා මාලඹේ ප්‍රදේශයේ ජීවත් වෙමින් සිටිය දී තමා මවක් වීමට සුදානමින් සිටි බව ද පැවසු ඇය, තමා ගැබ් ගත් නිසාවෙන් නැවතත් අටලුගම ප්‍රදේශයට ගිය බව සඳහන් කළාය . ආයෙත් මාරාව පල්ලියෙන් පිරිසක් ඇවිත් සැමියාට ඉන්න දෙන්න බැරි බව ප්‍රකාශ කළ බව ද සඳහන් කළ මෙම කාන්තාව , බාබා හම්බෙන්න ඉන්න නිසා තමාට ගමේ සිටිය හැකි බවත්, සිංහල කොල්ලෙක් තබා ගත නොහැකි යැයි පවසා සැමියා එලවා දැමූ බව ද පැවසීය.

ඔහුට ආගමට එන්න කියලා තර්ජනය කල බවත්, හැමදාම ගෙවල් දෙන්නම් වාහන දෙන්නම් කියලා සැමියාට කරදර කරන බව ද පැවසු ෆාතිමා, පසුව සැමියා රට ගිය බවත්, පල්ලියේ පරිසක් පැමිණ නැවත තම සැමියා ගැන නොසොයන ලෙස පැවසු බවද ඇය පැවසීය.

මාර්තු මස 24 වන දා පල්ලියේ පිරිසක් ගෙදරට කඩා වැදුණ බවත්, පොලීසියේ අය ඉන්න කොටම තමාට හා දරුවන්ට පහර දුන් බවද කියා සිටි ෆාතිමා ළමයි අඩන කොට ගල් ගැසූ බව ද පැවසීය. පොලිසියට ගෙනිහින් පහුවදා වෙනකම්ම කූඩුවේ දැමු බවත්, බණ්ඩාරගම පොලිසියට දාපු කිසිම පැමිණිල්ලක් විභාග කළේ නැති බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.