ඉසිර අලියා කිරි බොන වයසේ ද?

ranil wickramasinghe

රිදියගම ජාතික සත්වෝද්‍යානයේ ඉසිර නැමැති ඇත්පැටවා නීති විරෝධී අයුරින් දේශපාලන බලපෑම් මත පුද්ගලික භාරයට පත්කිරීමේ සූදානමක් ඇති බව පාහියංගල ආනන්ද සාගර හිමියෝ ප්‍රකාශ කරති. පෙත්සම භාර දීමට ගිය සාගර හිමියන්ට අග්‍රාමාත්‍ය කාර්යාලය ආරක්ෂකයින් හා ගැටෙන්නට සිදුවිය.

උන්වහන් සඳහන් කරන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවශ්‍යතාවක් අනුව මෙම ඇත්පැටවා පුද්ගලික භාරයට පත්කිරීමේ සූදානමක් ඇති බවයි. එයට විරෝධය දක්වමින් උන්වහන්සේ අරලිය ගහ මන්දිරයට ලිපියක්ද භාරදීමට කටයුතු කළහ.

“ රීදියගම සත්වෝද්‍යානයෙ ඉන්නවා ඉසිර කියලා ඇත් පැටවෙක්. ඉතාමත්ම පුංචි අලි පැටියෙක්. මේ අලි පැටියා මේ වෙනකොට අගමැතිවරයාගේ අපල දුරුවෙන්න ජනාධිපතිවරණයට අභිෂේක ලබන්න කතරගම දේවාලෙට පූජා කරන්න ලෑස්තිවෙලා ඉන්නවා.

ඔබතුමන්ලාගේ දේශපාලනයට මේ අහිංසක කිරිබොන, තාම අම්මා ළඟ වැඩෙන තාම හුරතලයට දුව පනින, නිදහසේ ඉන්න මේ සතාව හිරකර ගන්නවා දම්වැල් දාලා මේක සාපරාධී වැඩක්”

මේ අතර අරුණ ලක්සිර උණවටුන නමින් හඳුන්වන නීතිඥවරයෙකුද පෞද්ගලිකව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකරමින් පවසන්නේ ඉසිර අලි පැටවා නීතිවිරෝධී ලෙස පුද්ගලික භාරයට යොමුකිරීමට කටයුතු සූදානම් කර ඇති බවත් එය වැළැක්වීම වෙනුවෙන් පියවර ගන්නා ලෙසයි.

අගමැතිවරයාගේ පෞද්ගලික දේපල

අගමැතිවරයාට හිතවත් පාර්ශව කියා සිටින්නේ මෙම අලි පැටියා කිරි බොන වයසේ පසු නොවන බවයි.

ඒත් මේ දි මතුවන ප්‍රශ්නය නම් අලි පැටවුන් දන්දීමට වික්‍රමසිංහ මහතාට ඇති අයිතිය කුමක්ද යන්නයි. කැලේ සතා සීපාවුන් අගමැතිවරයාගේ පෞද්ගලික දේපල නොවන බව තවත් පිරිසක් කියා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.