උදයංග ඩුබායි ගුවන් තොට හිරවෙයිද?

හිටපු තානාපති උදයංග වීරතුංග ලංකාවට රැගෙන ඒම රාජතාන්ත්‍රික අර්බුදයක්‌ බවට පත්ව තිබේ.
අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ ඇතුළු පිරිසක් ඩුබායි බලා යාමට නියමිත
අතර ඔවුන්ට වීසා ලබා ගැනීම දුෂ්කර වී තිබේ

යුක්‌රේන රජය අබුඩාබි බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ උදයංග තමන්ට භාරදෙන ලෙසයි. උදයංග වීරතුංග යුක්‌රේන පුරවැසියෙක්‌ වන නිසා එරටින් ඔහු ලංකාව වෙත එවන ලෙස ඉල්ලා තිබේ. උදයංග වීරතුංග ඩුබායි බලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ පසුගිය ඉරිදාය.

හිටපු තානාපතිවරයා අත්අඩංගුවට ගැනීමට ඊයේ දිනයේදී මෙරට පොලිස්‌ නිලධාරින් පිරිසක්‌ ඩුබායි බලා පිටත්ව යාමට නියමිතව තිබිණි. ගෝඨාභය රාජපක්ෂ පවසා තිබුනේ ඔහු ශ්‍රී ලංකාවට පැමිණ චෝදනා වලට මුහුණ දිය යුතු බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.