උසාවියේ ‘බහුබූත’ කතාව දුරදිග යයි

low

මන්නාරම සමුහ මිනීවළ පිළිබඳ පරීක්ෂණ සඳහා අතුරුදහන් වුවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාට “බහුබූත දොඩවන්න එපා” යැයි පවසමින් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙක් නඩු විභාගය පැවැත්වෙද්දී අපහාස කොට තිබේ.

ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ එස් රත්නවේල් විසින් අධිකරණ සම්ප්‍රදාය රකින ලෙස කළ ඉල්ලීමක් හෙලා දකිමින් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙසේ අපහාසාත්මක ලෙස හැසිරී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ චමින්ද වික්‍රම නමැති රජයේ නීතිඥයායි.

රජයේ නීතිඥවරයාගේ හැසිරීම කලහකාරී සහ ඒකාධිපති එකක් ලෙසින් හෙලා දකින මන්නාරම නීතිඥ සංගමයේ සාමාජිකයෝ නඩු විභාගය පවත්වන මහේස්ත්‍රාත් මානික්කවාසගර් ගනේෂරාජා ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකර සිටීම සම්බන්ධයෙන් විමතිය පල කර සිටිති.

ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකුගේ නෛතික කරුණු දැක්වීමට එරෙහිව නීතිපති නියෝජිතයා අපහාස කිරීම ගැන විරෝධය පළකරමින් එදින නඩු කටයුතුවලට සහභාගිව සිටි මන්නාරම නීතිඥ සංගමයේ සියළු නීතිඥවරුන් අධිකරණ පරිශ්‍රයෙන් ඉවතට ගොස් තිබේ.

සීමාව ඉක්මවා යාම:

පසුගිය 11 වනදා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ වෙනත් නඩු කටයුත්තක් සඳහා පැමිණ සිටි වෙනත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටිමින් කියා සිටියේ රජයේ නීතිඥවරයා ඔහු වෙත පැවරි තිබුණු බලතල සහ කාර්ය සීමාව ඉක්මවමින් නීතිපති දෙපාර්තමේන්තුවේ බලය ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළ බව ය.

“ඔහු හැසිරුනේ ඒකාධිපතියෙක් වගේ. අගතියටපත් පාර්ශවයට කරුණු දක්වන්න කිසිම ඉඩක් දෙන්න ඔහු කැමති වුණේ නෑ. රත්නවේල් නීතිඥ මහත්මයාගේ කණිෂ්ඨ නීතිඥවරුන් මහේස්ත්‍රාත්තුමාගෙන් ඉල්ලා හිටියා තමන්ගේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා මුලතිවු අධිකරණයේ වෙනත් අත්‍යාවශ්‍ය නඩුවකට පෙනී සිටින බැවින් ඔහු එනතෙක් පෙරවරු 11 දක්වා නඩුව කල් තබන ලෙස.

එහෙම ඉල්ලිමක් කරන එකයි, කරුණු සලකලා බලලා ඒ ඉල්ලීමට ඉඩ දෙන එකයි ඉතාම සාමාන්‍ය දෙයක්. නමුත් අපි දැක්කා ඒ ඉල්ලීම කෙරුවට පස්සේ රජයේ නීතිඥවරයා එයට විරෝධය පාමින් හැසිරුණු විදිය.”

උසාවියේ අගුල් කඩලා:

කෙසේ වෙතත් ජේෂඨ නීතිඥ කේ එස් රත්නවේල්ගේ සහභාගීත්වයකින් තොරව මහේස්ත්‍රාත්වරයා සහ රජයේ නීතිඥ චමින්ද වික්‍රම කැණීම්වලින් ගොඩගත් අස්ථි කොටස් තැන්පත් කොට තිබෙන කුටිය නිරික්ෂණය කිරීමට ගොස් ඇති අතර, එහිදී දැක ගන්නට ලැබී තිබෙන්නේ එහි දොරගුළු කඩා විවෘත කිරීමට උත්සාහ දරා ඇති බව ය.

(JDS)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.