එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවකට යෝජනාවක්

unpශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඇති සම්මුතියෙන් ඉවත් වී තනි ආණ්ඩුවක් පිහිට විය යුතු බවට එක්සත් ජාතික පක්ෂ ඇමතිවරු පිරිස්ක් අගමැතගමැති රනිල් වික්‍රමසිංහට බලපෑම් කරමින් සිටින බව සිරිකොත වෙතින් වාර්තා වේ.

ජනතාවට දුන් පොරොන්දු අමතක කිරීම නිසා සහ ජනාධිපති වරයාගේ ද්වේශසහගත ක්‍රියා කලාපය හේතුවෙන් තමන්ට මේ ඉරණම අත් වෙද්දි රනිල්නිල් වික්‍රමසිංහ අගමැතිවරයා නිසි පියවර නොගත් බව පක්ෂයේ ඇතැම් ප්‍රබලයින් පෙන්වා දෙති. කෙසේ වෙතත් මේ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් ඉදිරියට ගමන් කරනවා හැරෙන්නට තමන්ට විකල්පයක් නැති බවයි ඔවුන් පවසන්නේ.

එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් සැදීම සඳහා අවශ්‍ය වන්නේ මන්ත්‍රි ධුර හයක් පමණි. දැනට එක්සත් ජාතික පක්ෂයට ආසන එකසිය හතක් හිමිය.

අනෙක් අතට ජනාධිපතිවරයා තමන්ගේ දේශපාලන සුරක්ෂිතභාවය උදෙසා අගමැති මහින්ද රාජපක්ෂ හට අගමැති ධුරය භාරගැනීමට ආරාධනා කළ හැකිය. එසේ කළහොත් එක්සත් ජාතික පක්ෂයට කළ හැකි දෙයක් නොමැත.

දේශපාලන විචාරකයින් පවසන අන්දමට සියල්ල තීරණය වන්නේ මහමහින්ද රාජපක්ෂ ගන්නා තීරණ අනුවයි ඔහු දැඩිව රාජ්‍ය බලය ලබා ගැනීම් වෙනුවෙන් සටහන් කලහොත් ඔහුට එය රටේ පාලනය ලබා ගැනීම් දුෂ්කර නොවනු ඇත.

අනෙක් අතට මේ අවස්ථාවේදී ඉවසීමෙන් කටයුතු කොට ඊළඟ මහා ජනාධිපතිවරණය එළඹෙන තෙක් සිටියහොත් වඩා ස්ථාවර හා පහසු ජයග්‍රහණයක්යක් ලබා ගත් හැකි බව විචාරකයින් පෙන්වා දෙති.

ඔහුට මීලඟ ජනාධිපති ධුරයට තරග කළ නොහැකි වුනත් ඔහුට රිසි අයෙක් බලයට පත් කොට පාලනය පවත්වා ගෙන යා හැකිය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.