එජාපයේ සන්ධානය එළිදැක්වීම කල් යයි

එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රධානත්වයෙන් අද (05 දා) සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පිහිටුවීමට නියමිත තිබූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය එළිදැක්වීම කල්දැමීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයින් තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පෙරේදා (03 දා) පැවැත්වූ රැුස්වීමකදී එක්සත් ජාතික පෙරමුණේ නායකයින් විසින් මෙම තීරණය ගත් බව මහලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් මහතා ‘දිවයින’ට ඊයේ (04 දා) පැවසීය.

එම නව පෙරමුණ පිහිටුවීමට අදාළ ගිවිසුම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් තවත් අදහස් ඉදිරිපත් වී ඇති බැවින් ඒවා පිළිබඳව සාකච්ඡුා කොට නව අදහස් ලබාගනිමින් සියලූ පාර්ශ්වල එකමුතුකම ආරක්‍ෂා කරගනිමින් නව සන්ධානය පිහිටුවීමට අවශ්‍යවීම නිසා මෙසේ කල්දැමීම සිදුකළ බවද හෙතෙම කීය.

ඒ අනුව සියලූ දෙනාටම එක`ගවිය හැකි පරිදි ගිවිසුමක් සකස් කොට ඉතාම ඉක්මනින් එම සන්ධානය පිහිටුවන බවත් එය පිහිටුවන දිනය සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් දැනුම් දෙන බවත් මහලේකම්වරයා පැවසීය.

මීළ`ග ජනාධිපතිවරණයට පුළුල් සන්ධානයකින් තරග වැදීම සඳහා නව පෙරමුණක් පිහිටුවීමට එක්සත් ජාතික පක්‍ෂ නායකයින් තීරණය කර තිබු අතර පසුගිය 01 වැනිදා පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලයට එම ගිවිසුම ඉදිරිපත් කරනු ලැබිණි.

එහිදී මතභේද තත්ත්වයක් මතුවූ අතර ඊට සංශෝධන එකතු කළයුතු බවටද යෝජනා ඉදිරිපත් වී තිබිණි.

(දිවයින)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.