එජාපයේ වෙනස ඇවිත්!

unpඑක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම කියා සිටි තනතුරු නම් කිරීම ඊයේ (25) සිදුකර තිබේ. ඒ අනුව පක්ෂයේ මහලේකම් ධූරය සඳහා අකිල විරාජ් කාරියවසම් මහතාව නම්කර ඇති අතර ජාතික සංවිධායකධූරයට නවීන් දිසානායක මහතා නම් කර තිබේ.

කබීර් හෂීම් මහතා පක්ෂයේ සභාපතිවරයාය. එසේම පක්ෂයේ උප නායකවරයාගේ වෙනසක් සිදුව නොමැති අතර එය සජිත් ප්‍රේමදාස මහතාට හිමිව තිබේ. නියෝජ්‍ය නායකධූරය දරන්නේ රවී කරුණානායක මහතාය. එසේම භාණ්ඩාගාරික තනතුර සඳහා හර්ෂ ද සිල්වා මහතා නම් කොට ඇත.

මේ අතර රුවන් විජේවර්ධන මහතා පක්ෂයේ නියෝජ්‍ය මහලේකම්වරයා ලෙසද අජිත්. පී. පෙරේරා මහතා වෘත්තීය සමිති ලේකම්වරයා වේ.

මෙම නම්කිරීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා පත්කළ දේශපාලන මණ්ඩලය විසින් සිදුකර ඇති අතර අද (26) රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙම තනතුරු පිළිබඳව අවසාන තීරණය ගනු ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.