එතෙර ගිය ශ්‍රී ලාංකිකයින් දහසක් තුන් වසරක දී මරුට

dead

පසුගිය වසර 3 ක කාලය ඇතුළත ශ්‍රී ලාංකිකයින් 1043 දෙනෙක් විදේශයන්හි සේවය කරමින් සිටියදී මියගොස් ඇති බව ශ්‍රී ලංකා නියුක්ති කාර්යාංශය කියා සිටී. මේ වසරේ මුල සිට මෙතෙක් 194 දෙනෙක් එය මරණ පිළිබඳ වාර්තා වී ඇත.

රිය අනතුරු, ස්වභාවික මරණ හා වෙනත් ආපදාවන් හේතුවෙන් මෙම මරණ සිදුවී ඇත. වැඩිම මරණ සංඛ්‍යාව ( 362) වාර්තාවී ඇත්තේ සෞදි අරාබියෙන්, කුවේට්(214), කටාර් (133), අරාබි එමිර් රාජ්‍යය(125) සහ දකුණු කොරියාව(32) යන රටවලින් ද මරණ වාර්තා වී ඇත.

විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සමඟ රක්ෂණය වී සිටිනවා පුද්ගලයින් මියයන අවස්ථාවලදී වන්දි ලබා දෙනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.