එයා හොරා මෙයා හොරා විවාදයට තහන්චියක්

parlimentබැඳුම්කරය සහ සෙසු දුෂණ පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙස සියළු පක්ෂ ඉල්ලා සිටියත් එකිනෙකාට චෝදනා කිරීම හැරෙන්නට වෙනත් යමක් සිදු නොවන බව විචාරකයින් පවසති.

අග්‍රාමාත්‍යවරයා විසින් ලබන මස 08 වන දා පාර්ලිමේන්තුව කැඳවුවහොත්, පළාත් පාලන මැතිවරණය බොහෝ දුරට කල් දැමීමට සිදුවනු ඇති බව මැතිවරණ කොමිසම පවසා තිබේ.
නිව්ස්ෆස්ට් කළ විමසීමේදී එම කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා මේ බව දැනුම් දුන්නේ ය.

අග්‍රාමාත්‍යවරයා ඊයේ පැවති ජන හමුවකදී පැවසූවේ තමන් පෙබරවාරි 08 වන දා පාර්ලිමේන්තුව කැඳවන ලෙසට කතානායකවරයාට දැනුම් දුන් බවයි.

තවදුරටත් කරුණු පැහැදිලි කළ අග්‍රාමාත්‍යරයා එහිදී සඳහන් කළේ, ඊට අදාළ ලිපිය හෙට දිනයේ යොමු කරන බවයි.

මැතිවරණය කල් දමා
අග්‍රාමාත්‍යවරයා යම්කිසි හෙයකින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු තහනම් කාල සීමාවේ පාර්ලිමේන්තුව කැඳවුවහොත් පළාත් පාලන මැතිවරණය කල් දමා පෙබරවාරි 12 වන දා හෝ ඊට පසු දිනක පැවැත්වීම කෙරෙහි මැතිවරණ කොමිසමේ අවධානය යොමුව තිබෙන බව කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා පවසා තිබේ.

සෑම පක්ෂයකටම කථා කිරීමට අවස්ථාවක් ලැබෙන හෙයින් මේ විවාදය ප්‍රහාරාත්මක කටයුත්තක් වන්නේකෙසේද යන ප්‍රශ්නය මතුවේ.

විවාදය පෙබරවාරි 07 දා කැඳවන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යෝජනා කොට සිටී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.