එස් බී ගෙන් තවත් අඩව්වක්

sb dissanayake

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලයිස්තු මන්ත්‍රී එස්.බී දිසානායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීමේ සූදානමක් ඇතැයි නෙළුම් මාවතේ නිළ නොවන ආරංචි මාර්ග කියා සිටියි. එස්.බී ගේ මේ සූදානම දැනගැනීමත් සමග නිදහස් පක්ෂයේ මෛත්‍රී හිතවත් කණ්ඩායම එස්.බී ට පහර පිට පහර දීම දැනටම ආරම්භකර තිබේ.

එස්.බී පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ පොහොට්ටුව නියෝජනය කරන අපේක්ෂකයෙක් ජනපතිවරණයෙන් ජයගැනීමේ වැඩි ඉඩක් ඇති බවත්, පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව නිදහස් පක්ෂයේ ඡන්ද ගොඩ ලක්ෂ 7 දක්වා පල්ලම් බැස ඇති බවත්ය. ඒ නිසා පොහොට්ටුව සමග කොන්දේසි විරහිතව එක්වෙනවා ඇරෙන්නට නිදහස් පක්ෂයට වෙන විකල්පයක් නැති බව ඔහු සඳහන් කර ඇත.

පසුගියදා මහින්ද අමරවීර රූපවාහිනී වැඩසටහනකට සහභාගීවූ අවස්ථාවේ එස්.බී දිසානායක විසින් සිදුකරන ලද ඉහත ප්‍රකාශය සම්බන්දයෙන් අමරවීර මන්ත්‍රීවරයා දැඩිසේ විරෝධය පලකල අතර, එස්.බී දිසානායක විසින් කරන ලද මෙම ප්‍රකාශයෙන් ඔහුගේ අවබෝධයේ තරම පෙනෙන බව කියා සිටියේය. එසේම නිදහස් පක්ෂයේ දෙපැත්තටම නැති චරිත අතර එස්.බී දිසානායකත් සිටින බව අමරවීර පවසන ලදි.

මහින්ද අමරවීර පමණක් නොව තවත් නිදහස් පක්ෂ ප්‍රධානීන් ගණනාවක්ම අවස්ථා කිහිපයකදී එස්.බී දිගින් දිගටම විවේචනය කරනු දක්නට ලැබිණි. පොහොට්ටුවට නුවරඑළිය දිස්ත්‍රික්කයේ හරිහමන් සංවිධායකයෙක් නොමැතිවීම හේතුවෙන් ඔහු පොහොට්ටුවට සම්බන්ධකරගැනීමට මහින්ද රාජපක්ෂද එකඟතාව පලකර ඇතිබව සැලවේ.

නමුත් පොහොට්ටුවේ පසුපෙල මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් එස්.බී පොහොට්ටුව තුලට ගැනීමට දැඩිසේ විරෝධය දක්වන බව වාර්තාවේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.