ඕනෑම මෝඩයෙකුට තේරෙන දේ තාත්තාට තේරෙන්නේ නෑ – ජයන්ත රත්නායක

jayantha rathnayakeවික්ටර් රත්නායකයන්ගේ පුත්  ජයන්ත රත්නායකයන් තවමත් තම තාත්තා වෙනුවෙන් කරන සටන  සටන අතහැර නොමැත.

මාධ්‍ය ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ ඕනෑම මොලේ නැති මෝඩයෙකුට තේරෙන දේ තමන්ගේ තාත්තට නොතේරීම ගැන තමන් අතිශය දුක් වෙන  බවයි.

වික්ටර් ගේ බිරිඳ දැන් රක්‍ෂිත බන්ධානාගාරගතව සිටියත් ඇගේ මව, පියා ඇතුළු පවුලේ අය තම පියාණන්ට සමීප වීමට ඉඩ නොදී පියා  තවත් අගාධයට ගෙන යමින් සිටින බවයි හැඟුම්බර හඬින් ජයන්ත රත්නායක පවසන්නේ.

 

කල්‍යාණ මිත්‍රයන් 

තමන්ගේ පියාට කන්නට බොන්නට කොතෙක් මිතුරන් සිටියත් හැබෑ කල්‍යාණ මිත්‍රයන් නොසිටි බවයි ජයන්ත පවසන්නේ.

ගී පද රචක ප්‍රේමකීර්ති ද අල්විස් සිටියා නම් තරහ වෙන්ට හෝ ඔහු තම පියාණන්ට ඇත්ත පහදා දෙන්නට ඉඩ තිබුණු බවයි ජයන්ත කියා සිටින්නේ.

තමන් සහ තම සොයුරු ලෙලුම් යාගේ හැබෑ කල්‍යාණ මිත්‍රයන් බවයි ඔහු සංවේගයෙන් යුතුව පවසන්නේ තරහ වෙන්න තමන් හොඳ සිංහලෙන් තාත්තාට සත්‍ය පහදා දුන් නමුත් එය පිළිගන්නට තරම් හැකියාවක්  වික්ටර් රත්නායකයන්ට නොවූ බවයි ජයන්ත කියා සිටින්නේ.

ඉදිරියේදී මේ කාන්තාව  පිළිබඳව තවත් තොරතුරු හෙළිදරව් වන බවයි ඔහු පවසන්නේ.

මහා ව්‍යසනයකට පෙර තමන්ගේ තාත්තා එමෙන්ම සුවහසක් රසික සවන් යුග මන්මත් කළ ඒ මහා ගාන්ධර්වයාණන් ගේ සහෘදයින් හට  ඔහු කියා සිටින්නේ මැදිහත්වන ලෙසයි.

 

ඇඟට ඇතුල් කළ යමක්

සිය පියාගේ ඇඟට ඇතුල් කළ යමක් හේතුවෙන් ඔහු මෙසේ හැසිරෙන බවයි ජයන්ත කියා සිටින්නේ.

එදා තාත්තගෙ අවිවේකි සංගීත දිවිය  නිසා තමන්ට නනිරන්තරයෙන්ම පිය සෙනෙහස  නොලැබුන හොත් තමන්ගේ පියා හා තමන් අතර  ආදරණීය සම්බන්ධයක් පැවති බවයි ඔහු පවසන්නේ.

තමන්ගේ විවාහයේදී හෝ තාත්තා මැදිහත් නොවූ බවයි ජයන්ත රත්නායකයන් බැතිබරව පවසන්නේ. ජයන්ත පුතා ගේ හඬ පුරාම තැවරී ඇත්තේ අසරණ බවයි.

සවන් දෙන්න…….

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.