ඕමන්තේ ගින්න නිවීමට ගිය පුද්ගලයාත් මරුට

fire

යාපනය නුවර ඒ 09 මාර්ගයේ වව්නියාව ඕමන්තේ ප්‍රදේශයේදී ඊයේ (23) රාත්‍රී බස් රථයක් සහ ජීප් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් පස්දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ඕමන්ත පොලිසිය කියයි.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය සහ ජීප් රථය ගිනිගෙන ඇති අතර එහි සිටි මගීන් දෙදෙනකු සහ ජීප් රථයේ රියදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කීය.

වව්නියාව දෙස සිට පේදුරුතුඩුව දක්වා ගමන්ගත් පේදුරුතුඩුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝවට අයත් බස් රථයක් හා යාපනය දෙස සිට වැල්ලවත්ත දක්වා ගමන්ගත් වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවද පොලීසිය පැවසීය. අනතුර හේතුවෙන් වාහන දෙකම ගිනිගෙන ඇති අතර,ජිප් රථයේ ගමන්ගත් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.

මේ අතර වෑන් රථයේ රියදුරු හිර වී සිට ඇති අතර, තුවාලකරු ගැනීමට උත්සහ කිරිමේ දී බස් රථය සහ වෑන් රථය ගිනි ගෙන ඇත. ගින්න හේතුවෙන් එම පුද්ගලයා පිළිස්සී මියගොස් තිබේ.

මරණකරුවන් අතර වෑන් රථයේ රියදුරු ඇතුළු පිරිමි පුද්ගලයින් 4 ක් හා කාන්තාවක් වන බවත් ඔවුන් වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලීසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.