ඖෂධ ජාවාරම බැඳුම්කරය වගේ දෙගුණයක් – වෛද්‍ය හරිත අලුත්ගේ

Rajitha Senaratne

රාජිත සේනාරත්න හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ යුගය අමාත්‍යාංශය දූෂිතම යුගය වූ අතර රුපියල් කෝටි 20කට වැඩි මුදලක් ඖෂධ ජාවාරම හරහා අපහරණය වියැති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. අලුත් ආණ්ඩුවක් ආවත් තත්වෙ වෙනස් වී නැතැයි ඔවුන් පවසති.

විගණාධිපති වාර්තාවකට අනුව ඖෂධ මිලදී ගැනීම තුළින් බෙහෙත් හිඟයක් ඇති වූවා සේම දූෂිත ටෙන්ඩර් ගනුදෙනු ද සිදුවී ඇත.

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව පෙන්වාදෙන පරිදි රාජිත සේනාරත්න විසින් හොඳම ඖෂධ සැලසුම්කරුවා ලෙස නම් කරනු ලැබූ farmex සමාගම පිලිකා ප්‍රතිජීවක ඖෂධ සඳහා තත්වයෙන් බාල ඖෂධ බංගලාදේශයෙන් ගෙන්වාගෙන රෝගීන්ගේ ජීවිත අනතුරේ දමා ඇති බව වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

වර්තමාන සෞඛ්‍ය ඇමැතිවරිය වන පවිත්‍රා වන්නිආරච්චි මේ දූෂිත ගනුදෙනු ඒ ආකාරයෙන්ම සිදු වෙන බව දැන් වූ බව වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි. රුපියල් 33ට තිබූ ඖෂධය රුපියල් හැට නවයකට දෙසැම්බර් 13 දා විකුණා ඇති අතර මේ නිසා රජයට සිදුවන පාඩුව රුපියල් ලක්ෂ 50ට අධික බවයි වෛද්‍ය අලුත්ගේ පෙන්වා දුන්නේ ය.

වැටලීමක්

දිගටම වංචාකළ Farmez සමාගම ඖෂධ පනත ලේබල් කොන්දේසි සහ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් කල ජාවාරමක් වැටලීමට හැකිවී ඇතැයි වෛද්‍ය අලුත්ගේ කියා සිටියේ එය. පිලිකා ප්‍රතිජීවක ඖෂධ කුප්පි විසිදහසක් අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ට හැකි වූ බවත් සෞඛ්‍ය ඇමැතිවරිය මේ සඳහා දේශපාලන නායකත්වය ලබා දීම ප්‍රශංසාත්මක බවක් රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය පවසයි. දැනටFaemz සමාගමේ කටයුතු රාශියක් තහනම් කොට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.