කටකතා වලින් ප්‍රවේසම් වන්න

gossipවාර්ගික ගැටුම් අවුළුවාලන ආකාරයේ අසත්‍ය කටකතා පතුරුවන පිරිස් අත් අඩංගුවට ගැනීමට පොලීසිය සුදානමින් සිටී. දැනට සමාජ මාධ්‍ය ජාල සහ කෙටි පණිවිඩ සේවා සීමා කොට ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසම දැන්ව සිටී.

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කුපිත කරන සුළු පල කරන පිරිස් වල තොරතුරු හදුනා ගැනීම සඳහා අවශ්‍ය මෙවලම් රාජ්‍ය බුද්ධි අංශ සතුව පවතී.

අද දහවල් වන විට තත්වය බෙහෙවින්ම පාලනය කොට තිබු බව මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වේ.කලබල ඇතිවිය හැකි අධි සංවේදී ප්‍රදේශ හඳුනා ගෙන අවශ්‍ය පියවර ගැනීමේදී සමස්ත රට ගැනම සිතා පියවර ගැනීමට සිදුවෙන බව අරක්ෂක බලධාරීහු පවසති.

මහනුවර කටුගස්තොට හා ගම්පහ පූගොඩ යන ප්‍රදේශවලින් සිදුවීම් දෙකක් වාර්තා ඇතැයි පැවසූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න බීබීසී සමග වැඩිදුරටත් කියාසිටියේ මතුවී ඇති තත්ත්වය පාලනය කිරීම සඳහා දසදහස්ගණනක හමුදාවක් යොදවා ඇති බවය.

සමාජ මාධ්‍යජාල අවහිර කිරීම සම්බන්ධයෙන් අදහස් පළකළ අමාත්‍යවරයා, “ෆේස්බුක් වැනි දේ නවත්වා තිබෙනවා. මොකද ඒ හරහා තමයි අන්තවාදීන් තමන්ගේ පණිවිඩ යවන්නේ. තමන්ගේ මතවාද ඉදිරියට ගෙන යන්නේ” යැයි පෙන්වා දුන්නේය.

මෙවැනි කුපිතකාරී පණිවිඩ යැවුකීප දෙනෙක් ඇත අඩංගුවට ගැනීමට නියමිතය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.