
රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ කටහඬ සාම්පල ලබා ගැනීම අත්හිටුවා ඇත. පසුගියදා පාර්ලිමේන්තුවට පැමිණ රන්ජන් රාමනායක කියා සිටියේ තමන්ගේ හඬ පට වලින් හෙළිදරව් වන තොරතුරු වල බලපෑම හේතුවෙන් කිසිදිනක ඔහු ඉල්ලා සිටිමි කොමිසම පත් නොකරන බවයි. නැවත දැනුම්දෙන තුරු හඬ පරීක්ෂාව සඳහා සැකකරු ඉදිරිපත් නොකරන ලෙස දන්වා ඇත්තේ අධිකරණයයි.
මේ වන විට විනිශ්චයකාරවරු කීපදෙනෙක්ම රන්ජන් රාමනායක හා කළ කතාබහ සම්බන්ධයෙන් පොලිසියට කටඋත්තර දී ඇත. අධිකරණයෙන් කළ දැනුම්දීමකට අනුව එලෙස ඉදිරිපත් නොකළ බවඳ උසස් බන්ධනාගාර නිලධාරීයෙක් පැවසීය.
නුගේගොඩ මහෙස්ත්‍රාත් යූ.කේ පැල්පොල මහතා මැගසින් බන්ධනාගාර අධිකාරීවරයා වෙත නිකුත් කළ නියෝගයකට අනුව මන්ත්‍රීවරයා අද රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
යම් යම් ප්‍රකාශ සිදුවීම් රටක ස්ථාවරත්වයට දැඩිව බලපාන අවස්ථාවන්හිදී ඒ පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත් වීම වැළැක්වීම සඳහා සිද්ධිය යටපත් කර දැමීමේ රාජ්‍ය පාලන ක්‍රමවේදයන් පිළිබඳව මීට පෙර විවිධ රටවල් වලින් වාර්තා වී තිබේ.
සළු පට අහසට
රාමනායකගෙ පාර්ලිමේන්තු කතාබහ මාධ්‍යවේදියෙක් අර්ථ දැක්වූයේ බර අවි ප්‍රහාරයක් ලෙසයි. ඊට හේතු දක්වමින් ඔහු කියා සිටියේ එම ප්‍රහාරය බොහෝ දෙනෙකුට දරාගත නොහැකි අන්දමේ එකක් බවයි. සළු පට අහසට නොව විශ්වයටම මුදා හැර ඇති බවයි මේ මාධ්‍යවේදියා කියා සිටියේ. සළු පට අහසට එය යළිත් බිමට වැටෙයි. එවිට නිරුවත වසා ගත හැකිය. එහෙත් සල වටා අභ්‍යවකාශ ගත වුවහොත් වෙනත් සළු පටන් හොයාගැනීම හැරෙන්නට වෙන විකල්පයක් නැත.