කටු කටුපොල් වගාවට මෙන්ම ෆාම් තෙල් ආනයනයට තිත තබමු

වෛද්‍ය සුමිත් වන්නිආරච්චි පෙන්වා දෙන ආකාරයට ෆාම් තෙල් ආනයනය සහ පරිභෝජනය වහාම නතර කළ යුත්තකි. 1977 සිට අද වන තෙක් පැවති වකවානුව තුළ පොල් තෙල් අපනයනය ඉතා අඩු අගයක් වූ අතර, ඒ වෙනුවට ෆාම් තෙල් ආනයනය ඉතා සීග‍්‍ර ලෙස ඉහළ ගොස් ඇත.

ලංකාවේ වැවිලි කර්මාන්ත කරුවන්ද රජයේ බදු ඉඩම්වල රබර් ගලවා කටු පොල් (ෆාම් තෙල් වගාව) සිටුවීමට පසුගිය දශක තුනක කාලය තුළ ක‍්‍රියා කර ඇත.කටු පොල් ශාකය බටහිර අප‍්‍රිකාව නිජබිම කොටගත් ශාකයක් වුවද, ලෝක ෆාම් තෙල් නිෂ්පාදනයේ 80%කට වඩා නිපදවන්නේ මැලේසියාව හා ඉන්දුනීසියාව වේ.

ශ‍්‍රී ලංකාවේ ද ෆාම් තෙල් ශාක වගාව පටන් ගෙන තිබුණද, මහා පරිමාණ වශයෙන් එය රට තුළ ප‍්‍රචලිත කිරීමට නොහැකි වූයේ විකල්පයක් ලෙස පොල් තෙල් සැලකිය යුතු ප‍්‍රමාණයකින් රට තුළ නිපදවීම සහ එය ජනතාව විසින් පිළිගැනීම විය. එමෙන්ම කටු පොල් අපනයන බෝගයක් බවට තරගකාරී ලෙස නිපදවීමට නොහැකිවීම මෙන්ම පරිසර දුශ්‍ය නිෂ්පාදන ක‍්‍රියාවලියට ඇතිවූ ජනතා විරෝධය මෙන්ම අධි ජල පරිභෝජනය සහිත ශාකයක් වීම සඳහන් කළ හැකිය.

එහෙත් කටු පොල් වලින් යාන්ත‍්‍රික ලෙස උකහා ගත හැකි තෙල් ප‍්‍රමාණය සාපේක්ෂ ලෙස ඉහළ අගයක් ගන්නා හෙයින්ද, ගෘහාශ‍්‍රිතව හා කුඩා කර්මාන්තයක් ලෙස පවත්වා ගෙන යා නොහැකි කර්මාන්තයක් හෙයින්ද කටු පොල් වගාව සහ ෆාම් තෙල් නිස්සාරණය මහා පරිමාණයෙන් කළයුතු කර්මාන්තයක් බැවින් ශාක තෙල් වෙළෙඳ පොළෙහි අධිකාරිත්වයක් තබා ගැනීමට සුදුසුම බෝගය කටු පොල් බැවින් ශ‍්‍රී ලංකාවේද වැවිලි සමාගම් කටු පොල් වගාව ව්‍යාප්ත කීරීමට කටයුතු කරමින් සිටී.

කටු පොල් ව්‍යාප්තිය සඳහා රාජ්‍ය අනුග‍්‍රහය ලබා දීම සඳහා පසුගිය රජයේ හිටපු වැවිලි කර්මාන්ත ඇමැතිවරයා ද කටයුතු කළ අතර ඔහුගේ මෙම ක‍්‍රියාවලිය තහනම් කර තිබූ ග්ලයිපොසෙට් විෂ රසායනය වැවිලි කර්මාන්තයේ අතලොස්සකගේ අවශ්‍යතාව ඉෂ්ට කිරීම සඳහා ඔහු විසින් නැවත භාවිත කිරීමට නීති වෙනස් කිරීම සිහි ගන්වයි.

වත්මන් ආණ්ඩුව බලයට පත් විගස කටු පොල් වගාව තවදුරටත් ප‍්‍රචලිත නොකිරීමට සහ නතර කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණයක් ලෙස ගත් තීන්දුව ප‍්‍රශංසනීය අගය කළ යුක්තකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.