කට සැරයි කිව්වට කමක් නැත – දූෂිතයි කියන එක හොඳ නැත

Dilrukshi Dias Wickramasinghe

හිටපු අල්ලස් කොමසාරිස් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය රන්ජන් රාමනායක හා අපූරු කතාබහ කරයි. එම කතාබහේදී රංජන් රාමනායක චිත්‍රපට නිෂ්පාදිකා සෝමා එදිරිසිංහ නිදොස් කරයි.

තමන් බොහෝ දෙනෙකුට පින් තකා ලිංගික කෘතියකොට දුන් බව රන්ජන් දිල්රුක්ෂි ද පවසයි. තමන්ට දූෂිත බව කියමින් නාගානන්ද කොඩිතුවක්කු ගෙන යන ප්‍රචාරය සම්බන්ධයෙන් ඔහුට වන්ෂොට් එකක් දීම සඳහා ඇය රංජන්ගේ සහයෝගය ඉල්ලයි.

සරත් ජයමාන්න ගන්න පඩියට ණය බව රන්ජන් පවසයි. ඔහු දක්ෂ නිලධාරියෙක් බව දිල්රුක්ෂි කියයි. අනෙක් අතට දිල්රුක්ෂි දැමූ නඩුවලට චූදිතයින් වැරදිකරුවන් කොට සරත් ජයමාන්න කීර්තිය ලබා ගන්නා බව දිල්රුක්ෂි නෝක්කාඩු කියයි.

එක්සත් ජාතික පක්ෂ හොරුන්ට වඩා ජනාධිපතිතුමා ටිකක් හොඳ බව රංජන් පවසයි. තමන් අහංකාර ගෑනියක් බව දිල්රුක්ෂි පවසයි. තමන්ට අවස්ථාවක් ලැබුනානම් කිකිලි බිත්තර දමන්නා සේ සියල්ලටම එකවර නඩු සීයක් පමණ පවරන බවයි. තාර බාර අත්හැර මේ හඬ පටය ට සවන් දුනහොත් එයින් පෙනෙන්නේ යහ පාලන දූෂිතයින්ට එරෙහි නඩු දැමීමට නොලැබීම නිසා දිල්රුක්ෂි තුළ හටගත් වේදනාවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.