
ඉකුත් අප්‍රේල් 28 වැනි දින වෙලම්බඩ මුස්ලිම් දේවස්ථානයකින් පොලිසිය බාරයට ගෙන නඩු භාණ්ඩ ලෙස ලේඛන ගතකර තිබූ මන්නා පිහි 76ක් සහ අත්පොරව 13ක් ආපසු බාරදීමට සූදානම් වූ වෙලම්බඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂණ බන්දුල බණ්ඩාර යන අයව මහනුවර පොලිස් ස්ථානය වෙත ස්ථාන මාරු කර, රාජකාරි වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
වැඩ තහනමට ලක් වූ පොලිස් පරීක්ෂකවරයා මෙම නඩු භාණ්ඩ ඊයේ(06) දින නැවත බාරදීමට සූදානම් වන බව විශේෂ රාජකාරියේ යෙදී සිටි වෙලම්බඩ පොලිස් ස්ථානාධිපතිවරයට දැනගැනීමට ලැබීමෙන් අනතුරුව එය වළක්වා තිබූ බව පොලිස් අධිකාරීවරයා පැවසීය.
මේ සම්බන්ධව පොලිස් මූලස්ථානය අවධානය යොමුකිරීමෙන් පසු මහනුවර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙලම්බඩ පොලිස් ස්ථානයට ගොස් සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව මෙම පියවර ගත් බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් මහනුවර භාර නියෝජ්‍ය පොලිස්පතිගේ මූලිකත්වයෙන් ආරම්භ කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.