කතරගම වෙඩි තැබීම ගැන පොලීසියට විරෝධය

Katharagama - police attackකතගරම නගරයේදී පොලිස් වෙඩි තැබීමකින් අනතුරුව පොලීසිය වෙත දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී. අණ නොතකා ධාවනය වූ යතුරු පැදියකට ඊයේ රාත්‍රී 11 ට පමණ තමන් වෙඩි තැබූ බවයි පොලීසිය කියා සිටින්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සිද්ධියෙන් අනතුරුව පිරිසක් කතරගම පොලීසියට ගල් මුල් ප්‍රහාර එල්ල කර ඇති බව ය.

පිරිස විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කොට ඇතත් තවමත් පිරිස් නගරයේ තැනින් තැන රැස්ව සිටිති. මේ පිළිබඳව පොලීසිය ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව විවේචන එල්ල වෙමින් පවතී.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 44 හැවිරිදි කතරගම, නාගහවීදිය පදිංචිකරුවෙකි. ඔහුගේ සිරුර මේ වනවිට කතරගම රෝහලේ තැන්පත් කර තිබේ.

වෙඩි තැබීම සිදුකළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. වැඩි විස්තර බලාපොරොත්තුව සිටින්න….

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.