කදිරගාමර් ඝාතනය ගැන නවනීදන් තොරතුරු රැසක් වමාරයි

කොටි සංවිධානයේ මේ සාමාජිකයා හඳුන්වන්නේ නවනීදන් යන නමින්. ඒ ඔහුගේ ආරක්ෂාව පිණිසයි. පසුගියදා ජර්මනිය අධිකරණයක් මඟින් වරදකරු කරනු ලැබූ ඔහු හිටපු විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර්l ඝාතනය පිළිබඳ තොරතුරු රැසක් එළිදරව් කොට ඇත.

තමන්ගේම පාපොච්චාරණ පදනම් කරගනිමින් වරදකරු කරනු ලැබූ නව නිදන් හට වසර හයක් සහ මාස දහයක සිරදඬුවමක් ලබා දී ඇත. තොරතුරු ඉතා තීරණාත්මක ලෙස බලපා ඇත.

පාරෙන් එහා පැත්තේ තිබෙන ගොඩනැගිල්ලක සිට වෙඩි තබා කදිරගාමර් මහතා ඝාතනය කළ හැකි ආකාරය පිළිබඳ උසස් කොට ඇත. මෙම තොරතුරු ඉතා තීරණාත්මක ලෙස ඝාතනයට බලපෑ බවයි අධිකරණය තීරණය කොට ඇත්තේ.

කදිරගාමර් මහතා ඝාතනය කරන ලද්දේ 2005 වසර අගෝස්තු 12 වනදාය. නවනීදන් 2006 සිට කදිරගාමර් මහතාගේ ජිවන රටාව පිළිබඳව තොරතුරු නිරීක්ෂණය කළේය ඉන් අනතුරුව ඝාතනයට මාස තුනකට පෙර තොරතුරු සෙවීම නතර කොට ඇත.

කොටි සංවිධානය තහනම් කිරීමට මහතා දැක්වූ දායකත්වය හේතුවෙන් ඔහුව මරා දැමීමට කොටි සංවිධානය තීරණය කළ බව නවනීදන් දැන සිටියේය.

2012 වසරේදී නවනීදන් ජර්මනියට පැමිණ දේශපාලන රැකවරණ සඳහා ඉල්ලුම් පතක් ඉදිරිපත් කළ අතර එය ප්‍රතික්ෂේප විය.

ඔහු ජර්මනියේ කලාපීය අධිකරණයකට අයදුම්පතක් ඉදිරිපත් කොට තමන්ව රටින් පිටුවහල් නොකරන ලෙස ඉල්ලා සිටියේය. එම ඉල්ලීම ඉටු වූ නමුත් මෙම නඩුවේ දී හෙළිදරව් වූ තොරතුරු අනුව අපරාධ පරීක්ෂණය ආරම්භ විය.

ඔහු දෙවරක් කොටි සංවිධානයේ පුහුණුව ලබා ඇති අතර පසුව බුද්ධි තොරතුරු අංශයට ඇතුල් වී ඇත.

ඔහුගේ නඩුව වාර 13කදී විභාග කෙරුණු අතර විශේෂඥ සාක්ෂි තුනක් කැඳවා ඔහු කී දේ තහවුරු කර ගන්නා ලදී. මෙම විත්තිකරුවා ලබාදුන් තොරතුරුවලින් නඩුව විභාග කළ හෙයින් දඬුවම් කිරීමේදී කරුණු සැලකිල්ලට ගත් බව ජර්මන් අධිකරණය පවසයි.

ශ්‍රී ලංකාවේදී කාටවත් දඬුවම් නැත

ලක්ෂ්මන් කදිර්ගාමර් නඩුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ එකම විත්තිකරුවකුට එරෙහිව චෝදනා ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් විය. ප්‍රභාකරන් චාලි මාස්ටර්, පොට්ටු අම්මාන්. කෞමදි මනිමේකලා නඩුව විභාග වෙන අතරතුර මිය ගිය හෙයින් ඔහුගේ නම් නඩුවෙන් අයින් කරන ලදී.

ආරෝකයනාදන් නඩුවෙන් නිදහස් කරන ලදී.

ඉදිරිපස නිවසේ අතු කපා දැමීම නිසා මේ නඩුවට කොටුවු ගස් කපන්න ක වූ කිරුලපන විසූ සහදේවන් දියවැඩියාව නිසා බොහෝ දුක් විඳ හිරගෙදරදී මිය ගියේය.

අපරාධය දැනගෙන ඔහු ගස්වල අතු කැපු කැපුවද? එසේ නැතිනම් හුදෙක් බඩවියත රැක ගැනීම සඳහා රස්සාව කළේද යන්න අදටත් අභිරහසකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.