කන්කසන්තුරේ කොරල්

coral

මීටර් 400ක පමණ ප්‍රදේශයක ව්‍යාප්තව ඇති නව කොරල්පරයක් සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් සමත්ව තිබේ. පසුගිය සතියක කාලයක් පුරා කන්කසන්තුරේ මුහුදේ සිදුකළ කිමිදුම් මෙහෙයුමකදී මෙම දැකුම්කළු කොරල්පරය සොයාගැනීමට හැකිවූ බව නාවික හමුදාව සඳහන් කරයි.

දිය කඩනයේ සිට මීටර් 400ක් පමණ දිගට විහිදී ඇති මෙම කොරල්පරය ආරක්ෂා කර ගැනීම උදෙසා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත විශේෂ සංරක්ෂණ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කරන බව නාවික හමුදාව පවසයි.

සාගර පරිසර පද්ධති තුළ ඉතා වැදගත් ස්ථානයක් හිමිකරගන්නා කොරල්පර ජෛව සමතුලිතතාව පවත්වා ගැනීමටත් සාගර ජීවීන්ට හිතකර පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමටත් ඉතා වැදගත් වේ. ස්වභාවික දිරාපත්වීම්වලට අමතරව සිදුවන මානව ක්‍රියාකාරකම් හේතුවෙන් විශාල වශයෙන් කොරල් විනාශවීම සිදුවන අතර මෙවැනි සුවිශේෂී පරිසර පද්ධති සංරක්ෂණය කර ගැනීම වගකීමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.