
පෙරේදා ( 23) උදැසන කන්කසන්තුරේ වරාය ආසන්නයේ වෙරළ තීරයේ තුවාල ලබා සිටි කැස්බෑවෙකු නාවික හමුදා භටයන් බේරා ගෙන තිබෙනවා. කන්කසන්තුරේ වරාය ආසන්නයේ වෙරළ තීරයේ අමාරුවෙන් ගමන් කරමින් සිටී කැස්බෑවෙක් දුටු නාවික හමුදා භටයන් වහල ක්රියාත්මක වූහ. කැස්බෑවා වෙත ළං වූ නායක හමුදා භටයින් දුටුවේ තුවාල ලැබූ කැස්බෑවෙක් ය.
මුහුදේ දී තුවාල ලැබූ කැස්බෑවා ගොඩගසාගෙන පැමිණ තිබූ අතර වරල් තුනක් ශරීරයෙන් වෙන්ව යන ලෙසට තියුණු ආයධයකින් කැපී ගිය ආකාරයක් දක්නට ලැබිණ. වනජීවි දෙපාර්තමේන්තු හා සම්බන්ධ වූ නාවික හමුදාව වහාම ප්රතිකාර ආරම්භ කළහ.