කපිල සහ බිරිද ශ්‍රී ලංකාවේ සිටිති එහෙත් තොරතුරක් නැත

kapila chandrasena

ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා 10 ක් මිලදීගැනීමේදී ඇමරිකානු ඩොලර් ලක්ෂ 20ක අල්ලසක් ලබාගන්නා ලදැයිද මුදල් විශූද්ධිකරණය කරන ලදැයිද කියන සිද්ධීන්වලට සම්බන්ධ බව කියන ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරීවරයාගේ හා ඔහුගේ බිරිඳ පිළිබඳ අලුත් තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකාවේ ජාතික හැඳුනුම්පත්වලින් ආරම්භ කර ඇති බැංකු ගිණුම් පිළිබඳ විස්තර ලබාගෙන පරීක්‍ෂණ කරන බව රහස් පොලිසිය කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතාට දැනුම් දුන්නේය.

කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳ වන නයෝමි විජේනායක මේ වනවිට ශ්‍රී ලංකාවේ සිටින අතර තාමත් පොලිසියට ඕන මුණගැසීමට අවස්ථාවක් ලැබී නැත.

මේ වන විට කපිල චන්ද්‍රසේනට හා ඔහුගේ බිරිඳට රටින් පිටවීම තහනම් කරමින් කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා නියෝගයක් නිකුත් කොට ඇති අතර කටුනායක ගුවන්තොටුපලේ ද ආගමන හා විගමන නිලධාරීන් සුපරීක්ෂාකාරීව කටයුතු කර ගෙන එන බවයි වාර්තා වෙන්නේ.

ජේ සී වැලිඅමුණ වාර්තාවට අනුව කපිල චන්ද්‍රසේන ගේ ගනුදෙනු පිළිබඳව විමර්ශන කරගෙන යන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ උසාවියට දැන්විය. මීට පෙර අවස්ථාවේ දී නිකුත් කළ රටින් පිටවීම තහනම් නියෝගය දැන් යළිත් බලගන්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.