කබ්බ්‍රාල් පවුල බැඳුම්කර ගනුදෙනුවේ

බැඳුම්කර ගණුදෙනු සම්බන්ධ මහ බැංකුව සිය වෝහාරික විගණන වාර්තාව සකස් කළ මොහොතේ සිට එය විවේචනය කළ තැනැත්තන් සම්බන්ධයෙන් වන සත්‍ය තොරතුරු මේ වන විට ආනාවරණ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පැවසීය.

අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මහබැංකු අධිපති ධුරය දැරූ සමයේදී ඔහුගේ සමීප ඥාතීන් හතර දෙනෙකුම බැඳුම්කර මිලදී ගන්නා ප්‍රාථමික ගනුදෙනුකාර සමාගම්වල ඉහළ නිලතල දරා ඇති බව බැඳුම්කර වංචා සම්බන්ධයෙන් සොයා බැලූ වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවී තිබේ.

ඒ අනුව,

අජිත් නිවාඩ් මහතාගේ සොයුරිය වන ශිරෝමි නොයෙල් වික්‍රමසිංහ මහත්මිය ප්‍රශ්නගත පර්පචුවල් කැපිටල් හෝල්ඩිංස් ආයනයේ අධ්‍යක්ෂවරියක් ලෙසත් අජිත් නිවාඩ් මහතාගේ සොයුරා වන අමල් කබ්‍රාල් මහතා කමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂවරයකු ලෙසත් අජිත් නිවාඩ් මහතාගේ මස්සිනා කෙනෙකු වන රවීන්ද්‍ර තම්බයියා මහතා ඩී.එෆ්.සී.සී. බැංකුවේ අධ්‍යක්ෂවරයකු ලෙසත්

අජිත් නිවාඩ් මහතාගේ තවත් ඥාති සහෝදරයකු වන නිහාල් ෆොන්සේකා මහතා කමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂවරයකු ලෙසත් එම කාල සීමාව තුළ සේවය කර ඇති බව සඳහන්.

මෙම වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත නිකුත් කිරීමටත් පෙර සිටම එම වාර්තාවට එරෙහිව පුවත්පත් පිටු ගණන් ලිපි ලියමින් අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා දැඩි විරෝධයක් දක්වා තිබීම ද විශේෂයක් විය.

ඊයේ (24) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

“මේ වාර්තාව මහ බැංකුව සකස් කළ මොහොතේ සිට මේ වාර්තාවේ අඩුපාඩු කියමින් මේ වාර්තාව වැඩක් නැති එකක් බව අගවමින් මේක හෑල්ලු කරන්න විශාල උත්සහයක් දරපු කිහිප දෙනෙක් හිටියා. ඒ අය අතර ප්‍රධානියෙක් තමයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහත්මයා. එතකොටත් අපි කිව්වා මේ හොරාට කලින් කෙහෙල් කැන වැට පනින්න හදනවා කියලා. දැන් ඒ කාරණාව ඉතාම සනාථ කරලා තියෙනවා මේ විගණන වාර්තාවෙන්. ඇයි අජිත් නිවාඩ් කබ්රාල් මහත්තයලා මෙච්චර කලබල වෙලා හිටියේ කියල. ඇයි මේක හෑල්ලු කරන්න උත්සහ කරන්නේ කියලා.”

ඊට හේතුව ලබැඳියාවන් අතර ගැටුම වන අතර එකී ඥාතීන් අතර බැඳීම අර්ජුන් මහේන්ද්‍රන්ට සහ ඇලෝසියස්ට පමණක් නොව අජිත් නිවාඩ් කබ්රාල් හා ඔහුගේ කල්ලිය අතරත් තිබෙන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

බැඳුම්කර වෝහාරික වාර්තාව සම්බන්ධයෙන් යම් යම් අඩුපාඩු තිබුනත් මේ හෙළිදරව් කිරීම වැදගත් බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා මීට පෙර මාධ්‍යට කියා තිබිණ.

1 COMMENT

  1. hah hah ha… Oya eliwenne maha bankuwa kadan kapu parana horu set ekath…Den mokada danneha Mr.System Change ganna action eka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.