
වෝහාරික විගණන වාර්තාවෙන් පෙන්වාදෙන පරිදි අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහබැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී සේවක අර්ථසාධක අරමුදලට (EPF) රුපියල් බිලියන ගණනාවක් පාඩු වී ඇත.
සාධක අරමුදල යනු ශ්‍රී ලංකාවේ වැඩකරන ජනතාවට බොහෝවිට ඇති එක ම ඉතිරි කිරීමයි. පාඩු ලබන මේ ගනුදෙනු වැඩි හරියක් සිදුවී ඇත්තේ කොටස්වල කළ හරහා ය. මෙවැනි ගනුදෙනු වැඩි ප්‍රමාණයක් සිදුව ඇත්තේ ද 10 වසරේදීය.
එම වාර්තාවෙහි දැක්වෙන අන්දමට,
බ්‍රවුන් ඇන්ඩ් කොම්පැනි පී.එල්.සී. හි ආයෝජනයෙන් අර්ථ සාධක අරමුදල ලබා ඇති පාඩුව – රුපියල් මිලියන 1,304.24
සිලෝන් ග්‍රේන් එලිවේටර්ස් පී.එල්.සී. හි ආයෝජනයෙන් අර්ථ සාධක අරමුදල ලබා ඇති පාඩුව – රුපියල් මිලියන 651.91
ගලධාරී හොටෙල්ස් ලංකා පී.එල්.සී. හි ආයෝජනයෙන් අර්ථ සාධක අරමුදල ලබා ඇති පාඩුව – රුපියල් මිලියන 620.62
කලම්බෝ ඩොක්යාඩ් පී.එල්.සී. හි ආයෝජනයෙන් අර්ථ සාධක අරමුදල ලබා ඇති පාඩුව – රුපියල් මිලියන 1868.63
බුකිට් ධාරා පී.එල්.සී. හි ආයෝජනයෙන් අර්ථ සාධක අරමුදල ලබා ඇති පාඩුව – රුපියල් මිලියන 1707.18
කාසන් කම්බැච් පී.එල්.සී. හි ආයෝජනයෙන් අර්ථ සාධක අරමුදල ලබා ඇති පාඩුව – රුපියල් මිලියන 1,625.64
කෘතීමව කොටස් මිල ඉහළ නංවා අධිමිලට විකිණීමේ වංචාව (Pumping and dumping) සිදුව ඇති බවක්
මාධ්‍ය ජාල සංවර්ධනය කිරීම සඳහා යොදවා ගත් බවත් මීට පෙර සාකච්ඡා කලද ලැයිස්තුගන නොවන සමාගම් ගණනාවක් තුළ සිදු කෙරුණු ආයෝජන සම්බන්ධයෙන් ද එම වාර්තාවෙන් කරුණු දක්වා තිබේ. මේ බොහෝ ගනුදෙනුවලදී නියමිත ක්‍රියා පටිපාටියෙන් බැහැරව, අවශ්‍ය අනුමැති ලබා නොගෙන කටයුතු කර තිබෙන බව ද වෝහාරික විගණන වාර්තාවෙන් පෙන්වා දෙයි.