කබීර් ගෙන් මෛත්‍රිට සැර ප්‍රහාරයක්

kabir-maithriමහින්ද රාජපක්ෂ සමඟ එක්වී සිටින 96 දෙනා සමඟ ආණ්ඩුවක් හැදීමට තමන් සුදානම් බව ජනධිපතිවරයා කළ ප්‍රකාශයට එක්සත් ජාතික පක්ෂයෙන් සැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රචාරණ ව්‍යාපාරය දැඩි කඩාවැටීමකට ලක්වී තිබේ. කිසිදු වැදගත් පැති මාරුවක් කර ගැනීමට ජනාධිපතිවරයාට නොහැකි වී තිබේ. චන්ද්‍රිකා මැතිනිය නිහඬ වීි ඇති අ තර එක්සත් ජාතික පාක්ෂිකයින් කුපිතවී සිටිති. සිවිල් සමාජ ක්‍රියාධරයින් ගේ විශ්වාශය පලුදු වේ ගොසිනි.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නායක දෙපලගේ ප්‍රධානත්වයෙන් යුත් යහපාලන ආණ්ඩුවට ලබාදුන් ජනවරමට පයින් ගැසීම හෝ එයට පිටුපා කටයුතු කිරීම එම ජනවරම ලබාදුන් ජනතාවට කරනු ලබන බරපතලම ද්‍රෝහිකමක් බව කබීර් හසීම් පවසයි.

යහපාලන ආණ්ඩුකරුවන් විසින් ශක්තිමත් කළ යුත්තේ ජනවරම මගින් ප්‍රාර්ථනා කළ අභිලාෂයන් මිස එම ජනවරම මගින් පරාජයට පත්කොට දේ ශපාලන කුණු බක්කියට ඇද දැමූ ජනතා ද්‍රෝහීන්ගේ අභිලාෂයන් නොවේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.