කරුට උනන්දුවක් නැහැ – රනිල් නිරුපද්‍රිතයි

Ranil Wickramasingheඅගමැතිවරයා ඉදිරියේදී කරු ජයසුරිය ජනාධිපතිවරයාට පවසා ඇත්තේ තමන්ට ජනාධිපති තනතුර පිළිබඳව උනන්දුවක් නැති බවයි.

ජනාධිපති, අගමැති සහ කථානායක තීරණය කොට ඇත්තේ සම්මුතිවාදී ආණ්ඩුව දිගටම ක්‍රියාත්මක විය යුතු බවයි. මේ බව හෙළිදරව් වී ඇතී දැනට පවතින එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රැස්වීමේදීය.

විටෙක රනිල් ගේ ක්‍රියාකලාපය හේතුවෙන් පක්ෂය අත්හැර ගිය කරු ජයසුරිය මේ ආකාරයට ක්‍රියාත්මක වීම සෙසු මන්ත්‍රීවරුන්ගේ ප්‍රසාදයට හේතු වී තිබේ.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් එක්කාසු කිරීමේ කාර්ය අත් හැර දමා ඇති බව වාර්තාවේ.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් දයාසිරි ජයසේකර ට පෙන්වාදී ඇත්තේ මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමට උත්සාහ කිරීම ප්‍රයෝගික නොවන බවයි.

දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය, ඉන්දියාව සහ ඇමරිකාව කරන බලපෑම මෙන්ම රනිල් සහ මහින්ද අතර ඇති අවබෝධය මෙම තත්වයට බලපා ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටින චන්ද්‍රිකාට හිතවත් මන්ත්‍රීවරු සියල්ලන්ට වඩා මහින්ද හා එක්වීමට විරෝධය පළ කරන බව වාර්තාවේ.

මේ වන විට නව ආණ්ඩු පිහිටුවීමේ යෝජනාව ගෙනා සුසිල් ප්‍රේම් ජයන්ත ඇමතිවරයා වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ගේ විරෝධය එල්ල වෙමින් පවතී. ඒකාබද්ධ විපක්ෂය දුන් දිරච්ච ලනුවක් ගිලීම පිළිබඳව ඔහුට චෝදනා එල්ල වේ.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ගේ ප්‍රධාන සංවාද තේමාව වී ඇත්තේ තමන්ට ලබාගත හැකි ඇමති තනතුර කුමක්ද යන්නයි.

තමන්ගේ වැඩපිළිවෙල අසාර්ථක වීම පිළිබඳව පාර්ලිමේන්තුවේ කුමක් පැවසිය යුතුද යන්න පිළබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයින් කල්පනා කරමින් සිටිති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.