කරු බෑනා සහ පක්ෂය රැක ගනීවි ද?

karu-jayasuriya

එක්සත් ජාතික පක්ෂය නායකත්ව අර්බුදය තුළ නවීන් දිසානායක මෙරට ගෙන ඒමට පිරිසක් හරි යුතු කරන අතරවාරයේ කථානායක කරු ජයසූරිය මැදිහත්කරුවෙකු ගේ භූමිකාවට පණ පොවමින් සිටී. කරු ජයසූරිය මේ බෑනා වන්නේ නවීන් දිසානායකයි.

විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටළුව පිළිබඳ අද (05) අවසන් තීරණයක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පවසයි.

හෙට පැවැත්විමට නියමිත එක්සත් ජාතික පක්ෂ විශේෂ පාර්ලිමේන්තු මන්ත්‍රීන් කණ්ඩායම් හමුවෙ දී මෙම තිරණය ගන්නා බව ජා ඇලදී මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා හා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් සමඟ සාකච්ඡා කළ බවත් ඔවුන් අතර හෝ පක්ෂයේ කිසිදු අර්බුදයක් නොමැති බවත් මන්ත්‍රිවරයා මෙහිදී පැවසීය.

නායකත්ව මණ්ඩලයක්

එමෙන්ම අද මාධ්‍ය වාර්තා කර තිබුණේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් නායකත්ව මණ්ඩලයක් මඟින් මෙහෙයවීමට යෝජනා කර ඇති බවයි.

මේ අතර කථානායක කරූ ජයසූරිය මහතා අද පෙරවරුවේ මල්වතු මහාවිහාරයට පැමිණ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව කරූ ජයසූරිය මහතා අස්ගිරි මහාවිහාරයට පැමිණ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැ දුටුවේය.

අනතුරව කථානායක කරූ ජයසූරිය මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පවසා සිටියේ, එක්සත් ජාතික පක්ෂය තුළ සමඟිය, එකමුතුබව හා විනය ඇති කිරීමට තමාටත් දායකත්වය ලබා දෙන්නැයි මහානායක හිමිවරුන් පැවසු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.