
එල්නිනෝ තත්ත්වය නිසා විනාශවීගිය කොරල් පර යළි ස්ථාපිත කිරීම සඳහා කෘතිම ආකාරයට කොරල් වගා කිරීමේ වැඩ පිළිවෙලක් දියත් කොට ඇත. සමුද්‍ර සම්පත් සංරක්ෂණ සංවිධානයේ සභාපති සජිත් සුභාෂණ ප්‍රකාශ කළේ, මිනිස් ක්‍රියාකාරකම්වල බලපෑම හේතුවෙන් කොරල් නැවත ප්‍රතිෂ්ඨාපනය වීම මන්දගාමී තත්ත්වයක පවතින බවය.
2016 වසරේදී “එල්නිනෝ” හෙවත් උණු දිය ධාරාවක් මේ ප්‍රදේශය හරහා ගලා යාම හේතුවෙන් කොරල් පර විනාශය ආරම්භ වූ අතර “ලයිලා හා සුරුක්කු” යන දැල් සහ ඩයිනමයිට් යොදා මසුන් මැරීම වැනි මිනිස් ක්‍රියාකාරකම් විනාශය වැඩි කොට ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් ආයතන කීපයක් එක්ව දියත් කොට ඇති මේ වැඩපිළිවෙළ සාර්ථක වීම සඳහා නම් විනාශකාරී මිනිස් ක්‍රියාකාරකම් නතර කළ යුතුය.