කල්මුනේ ගෝරිකාරයින් තිහකට මාංචු

Arrestedදිගන මඩවල හා පල්ලේකැලේ ආදි ප්‍රදේශවල ප්‍රචණ්‌ඩ ක්‍රියාවලට එරෙහිව විරෝධතාව දැක්‌වීම සඳහා හර්තාල් ව්‍යාපාර දියත් කර උද්ඝෝෂණය කරමින් කලහකාරි ලෙස හැසුරුණු පුද්ගලයින් 30 දෙනකු කල්මුණේ පොලිසිය මගින් පෙරේදා (06 දා) අත්අඩංගුවට ගෙන ඇත.

මරුදමුනේ – සායින්දමරුදු හා නම්පට්‌ටිමුනේ ප්‍රදේශවල මෙසේ කලහකාරි ලෙස හැසිරුණු පුද්ගලයින් අත්අඩංගුවට ගත් අතර මොවුන් සමග යතුරු පැදි හා පාපැදිද පොලිසිය භාරයට ගෙන ඇත.

ඉහත ප්‍රදේශවල කලු රෙදිවලින් මුහුණ වසාගෙන උද්ඝෝෂණකරුවන් උද්ඝෝෂණය කරමින් කලහකාරි ලෙස හැසිරුණු අතර මරුදමුනේ ප්‍රදේශයේ බස්‌ රථ දෙකකටද ගල් ප්‍රහාර එල්ල කළහ.

මොවුන් සියලු දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.