කල් දැමීම නොතකා ලෝක කම්කරු දින සැමරුම් පැවැත්වේ

may dayමැයි පළවෙනිදාට යෙදී තිබූ ලෝක කම්කරු දින සැමරුම 07 වෙනිදාට පවත්වන ලෙස රජය නිවේදනයක් නිකුත් කර තිබුණත් අදාළ නිශ්චිත දිනයේම කම්කරු දිනය පැවැත්වීමට සමහර පක්ෂ හා සංවිධාන කටයුතු කර තිබුණි.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ මැයි රැලිය ඊයේ (01) යාපනය මහනගර ශාලාපිටියේදී පැවැත්වීය. එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක, මහ ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු පක්ෂ ප්‍රධානීන් ඊට සහභාගි විය.

මේ අතර මැයි දිනය වෙනස් කිරීමට එරෙහිව විරෝධතා මැයි රැලියක් කම්කරු වෘත්තීය සමිති එකතුව විසින් සංවිධානය කර තිබුණි. මේ සඳහා කොටුව දුම්රිය පොළ ඉදිරිපිටින් ආරම්භ කෙරුණු පාගමන හිල්ටන් හෝටලය අසලට ගමන්කර එම හෝටලය අසළ මහපාරේ සමරන ලදී. මේ සඳහා වෘත්තීය සමිති නායකයින් දහසක් පමණ සහභාගි වී සිටියහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ද ලෝක කම්කරු දින සැමරුම් උත්සවයක් අද කොළඹදී සංවිධානය කර තිබුණි. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලෝක කම්කරු දින සැමරුම එළඹෙන 07 වෙනිදා මඩකළපුවේදී පැවැත්වීමට සංවිධානය කර තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.