කව්ද මීළඟ නියෝජ්‍ය කතානායක?

parliamentතමන්ට තනිව කටයුතු කළ නොහැකි බැවින් නියෝජ්‍ය කතානායකවරයකු ඉක්මණින්ම අවශ්‍යව ඇතැයි කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (11) පැවසීය.

නියෝජ්‍ය කතානායකවරයා වශයෙන් කටයුතු කළ තිලංග සුමතිපාල මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව ජනාධිපතිවරයා විසින් මෙතෙක් තමන්ට නොදැන්වු නිසා එම තනතුරට අලුතින් අයෙකු පත්කර ගැනීමට නොහැකි වී ඇතැයි ද කතානායකවරයා කීය.

කුරුණෑගල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි නලීන් බණ්ඩාර ජයමහ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.