කවුද මේ ගොඩ ගොවිතැන් හේවා?

anura kumara

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ගොඩ ගොවිතැන ඒවා කෙනෙක් ගැන කතා කරයි. මෙහෙයවා මීට පෙරත් නොයෙක් අකටයුතු සම්බන්දයෙන් චෝදනා ලැබ උසාවියට ගෙන ගියත් ඔහු වර්තමාන පරිපාලන තුළ ක්‍රියාකාරී භූමිකාවක් රඟයි.  මහනුවර පැවැති රැස්වීමකදී අනුර කුමාර දිසානායක මේ හෙළිදරව් කළේය.

මෙරට ප්‍රධාන පෙළේ ඉදිකිරීම් සමාගමක කොටස් මිලදී ගැනීමට රක්ෂණ සංස්ථාව සූදානමින් සිටින බවත් අධි මිලට සිදු කිරීමට නියමිත මෙම කොටස් ගනුදෙනුවෙන් රුපියල් මිලියන 50ක් පමණ ප්‍රමාණයක් “ගොඩ ගොවිතැන් කරන හේවා” කෙනෙකුට ලැබෙන්නට නියමිත බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“මේ දවස්වල ගනුදෙනුවක් සාකච්ඡා වෙමින් තියෙනවා. ලංකාවෙ ප්‍රධාන ඉදිකිරීම් සමාගමක කොටස් මිලියන 35ක් කොටස් වෙළඳපොලේ විකුණන්න යනවා. ඒ කොටස් මිලියන 35ම මිලදී ගන්න යනවා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව.

සාමාන්‍යයෙන් කොටසක් තිබ්බෙ රුපියල් 21ට. දැන් මේ වෙනකොට ඒක වැඩිකරලා තියෙනවා 24ට. අතිරේක රුපියල් 3ක් දීලා මේක ගන්න යන්නෙ. මිලියන 35ක්, රුපියල් 3 ගාණෙ, මිලියන 105යි. බාගයක් යනවා “හේවා” කෙනෙකුට. ගොඩ ගොවිතැන් කරන හේවා කෙනෙකුට. මං ඒක කියන්නෙ නැත්තෙ තාම ගියපු නැති නිසා. නැත්තං නම කියනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.