කවුද මේ රිෂාඩ් බදියුද්දීන්?

2010 වසරේ සිට කර්මාන්ත සහ වාණිජ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන්, සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂයේ (All Ceylon Makkal Congress) නායකයා වේ.

  • වන්නි දිස්ත්‍රික්කයෙන් 2001 වසරේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ප්‍රථමයෙන් පාර්ලිමේන්තුවට පිවිසියේය.
  • ඔහු විසින් 2005 වසරේදී සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂය පිහිටුවා ගන්නා ලද අතර මේ වන විට පාර්ලිමේන්තු ආසන පහක් ඔවුන් සතුය
  • විල්පත්තු රක්ෂිතය අවට මුස්ලිම්වරුන් පදිංචි කළ බවට ඇතැම් පරිසරවේදීහු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන්ට චෝදනා එල්ල කරති.  නමුත් අමාත්‍යවරයා පවසන්නේ යුද ගැටුම් හේතුවෙන් පලා ගිය ජනතාව යුද්ධය අවසානයේ යළි සිය ගම්බිම්වල පදිංචි වූ බවය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ 2019 අප්‍රේල් පාස්කු ඉරු දින ප්‍රහාරයන්ට සම්බන්ධ කණ්ඩායම සමග සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා කරමිනි. ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 63 දෙනෙකු අත්සන් තබා තිබේ.ශ්‍රී

ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එස්. බී. දිසානායක, ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාල සහ නිශාන්ත මුතුහෙට්ටිගමගේ ඊට අත්සන් තබා ඇත.එසේ ම එක්සත් ජාතික පක්ෂයේ අතුරලියේ රතන හිමි, ආනන්ද අලුත්ගමගේ සහ අශෝක ප්‍රියන්ත මෙන් ම ද්‍රවිඩ ජාතික සංවිධානයේ එස්. විලයාන්දරන් ද ඊට අත්සන් තබා තිබිණි.

අදාළ සියලු චෝදනා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් කැබිනට් මණ්ඩලය හමුවේ විශේෂ ප්‍රකාශයක් කළ බව අමාත්‍ය නවීන් දිසානායක පසුගිය දා මාධ්‍ය හමුවේ සඳහන් කළේය. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලා සිටින්නේ නම් පදවියෙන් ඉල්ලා අස්වීමට සූදානම් යයි ඔහු පැවසූ බව ද මාධ්‍ය වාර්තාවල දැක්විණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.