කවුරු මොනවා කීවත් ඡන්දය ඉල්ලීමට සූදානම් සමිත හිමි

ඡන්දය ඉල්ලීම භික්ෂූන් වහන්සේලාට මහනායක හිමිවරු පවසද්දී මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ බද්දේගම සමිත ස්වාමීන් වහන්සේ කියාසිටින්නේ තමන් ඒ මතයට සවන් දීමට සූදානම් නැති බවයි.

තමන් වහන්සේ “අනිවාර්යයෙන්ම” මීළඟ මැතිවරණයට ගාල්ල දිස්ත්‍රික්කයට පොදු ජන පෙරමුණෙන් තරඟ කරන බව බද්දේගම සමිත හිමියෝ හෙළිදරව් කළහ.

“හාමුදුරුවරු දහස් ගණනක් ඡන්දේ ඉල්ලන්නේ නැහැ. මම දන්නා පමණින් මම විතරයි මේ මැතිවරණයට තරඟ කරන්නේ. ජාතික ලැයිස්තුවෙන් කවුරුවත් එනවද කියල මම දන්නේ නැහැ.”

“මටනම් පේන්නේ රට පුරාවටම ඡන්දේ ඉල්ලන්න එන්නේ මම විතරයි. ඒ නිසා කියන දෙයක් කෙලින් කිව යුතුයි. මල්වතු මහ විහාරයේ නායක හාමුදුරුවරු වහන්සේලා මොනවා හරි කියනවනම් මට ඇහුම්කන් දෙන්න පුළුවන්. නමුත් නමක් ගමක් ඇඩ්රස් එකක් නැති කවුරුවත් කියන ඒවා මම ගණන් ගන්නේ නැහැ.” උන්වහන්සේ ප්‍රකාශ කළහ.

බීබීසී සිංහල සේවය සමඟ පැවති සාකච්ඡාවක දී අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමියන් පැවසුවේ පසුගිය දා කතානායකවරයා අස්ගිරි මහ නායක හිමියන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේ දී ඔහුගෙන් ද මෙම ඉල්ලීමක් කළ බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.