කසළ ගෙනිය නැව කොයින්දෝ

kunu

කටුනායක නිදහස් වෙළඳ කලාපය පරිශ්‍රයේ ගබඩාකර තිබෙන අපද්‍රව්‍ය තොගය ලබන අගෝස්තු 12 වන දින හෝ ඊට පෙර කඩිනමින් ප්‍රතිඅපනයනය කරන ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හේලීස් ෆ්‍රී සෝන් සමාගමට නියෝග කර තිබේ. එසේ කඩිනමින් එම අපද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කිරිමට පියවර නොගතහොත් සමාගමට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ආයෝජන මණ්ඩලය පවසයි.

හේලිස් සමාගම කොළඹ වරායෙන් අපද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 130 ක් මුදාගෙන ඇති බවද එම අපද්‍රව්‍ය කටුනායක වෙළඳ කලාපයේ පරිශ්‍රයක ගබඩා කර තිබේ. කෙසේ වෙතත් කසල ගෙනයෑමට සූදානම් නෞකා සේවයක් තිබේද යන්න ප්‍රශ්නයකි. නැව් වල ගෙන හැකි දේ පිළිබඳව ජාත්‍යන්තර ප්‍රමිතීන් ඇති අතර ඒ ප්‍රමිතීන් උල්ලංඝනය වී ඇති බවක් පෙනෙන්නට තිබේ.

මේ කසල ගෙන්වූ අය කියා සිටින්නේ බ්‍රිතාන්‍යයේ දී තමන්ට මුදල් අපහසුකම් ඇති වූ හෙයින් එය නිසිලෙස සකසා ශ්‍රී ලංකාවට එවීමට තමාට නොහැකි වූ බවයි.

දැන් මේ ප්‍රශ්නයට බ්‍රිතාන්‍ය ආණ්ඩුවක් මැදිහත් වී සිටින අතර ඔවුන් කියා සිටින්නේ බ්‍රිතාන්‍යයේ වරදකරුවන් සිටී නම් ඔවුන්ට එරෙහිව පියවර ගැනීමට තමන් සූදානම් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.